රමාල් සිරිවර්ධන තෙවන වරටත් ලංගම සභාපති ධුරයට

මීට පෙර දෙවතාවක් ලංගම සභාපති පදවිය දැරූ රමාල් සිරිවර්ධන මහතා ඊයේ(02) තුන් වන වරටත් ලංගම සභාපති පදවියට පත් කොට ඇත.ඒ මහතාට ඊයේ එම පත්වීම ප්‍රදානය කරන ලද්දේ ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා විසිනි.මගී අවශ්‍යතා මනාව සංතෘප්ත වන ලෙස බස් ධාවන කටයුතු කළමණාකරණය පිළිබඳ ප්‍රායෝගික අද්දැකීම් සහිත ලංගමය සම්බන්ධ සෑම කටයුත්තක්ම බිම් මට්ටමේ සිට අධීක්ෂණය හා නියාමය කිරීමට හැකි එමෙන්ම ලංගම කාර්ය මණ්ඩලයේ සුබ සාධනය පිළිබඳ විශේෂ කැපවීමක් හා උනන්දුවක් පළ කළ සභාපති වරයකු ලෙස රමාල් සිරිවර්ධන මහතා හොඳ නමක් දිනාගෙන සිටියි.

කාලීන පුවත්