ශ්‍රී ලංකා ජනපති අනුර කුමාර ඉන්දීය ජනපති නරේන්ද්‍ර මෝදිට කෙසේ මුහුණ දෙයි ද?

පැය අටකට ආසන්න කාලයක නිල සංචාරක් සඳහා ඊයේ (04) පෙරවරු 10.00ට පමණ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් ඇතුළු අට දෙනකු ගෙන් යුතු එරට දූත පිරිස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ඊයේ පස්වරු 6.30 පමණ කටුනායක ගුවන් තොටුපොලින් යළි ඉන්දියාව බලා පිටත්ව ගියහ.ඒ අතර තුර එම පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා පවත්වා තිබේ.එම හමුව සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ජයශංකර් සඳහන් කර ඇත්තේ ඉන්දීය ජනාධිපතිනි ද්‍රව්දී මුර්මු ගේ සුභාශිංසන ද ශ්‍රී ලංකා ජනපතිවරයාට යොමු කළ බවකි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති වරයා වෙත කළ නිල ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට ද නියමිත බව වාර්තා වේ. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකාවේ නව නායකත්වයන් සමඟ සුහද සාකච්ඡා සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික ආරාධනා කිරීම සිදු වේ.වත්මන් ජනාධිපති වරයා ද මෙම ආරාධනය පිළිගෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික චාරිකාව ලෙස ඉන්දියාවට යාමේ පෙර ජනාධිපතිවරුන්ගේ මෙම සම්ප්‍රදාය රකිනු ඇති බව දැනගන්නට ඇත. ඒ අතර ඉන්දීය අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.මින් පැවසෙනුයේ ශ්‍රී ලාංකේය දේශපාලන නව්‍යකරණය ඉන්දියාවට ද අතිශය තීරණාත්මක ලෙස බලපාන බව ය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය තවත් වර්ධනය කරගන්නා අයුරු සහ ඉන්දීය ශ්‍රී ලංකා බැඳීම දෙරටෙහි ජනතාවගේ සහ කලාපයේ උන්නතිය වෙනුවෙන් යොදාගත හැකි අයුරු එහිදී සාකච්ඡා කළ බව ද එහි සඳහන් ය. සැප්තැම්බර් 21 වැනිදා පැවති ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු හමුවීමට පැමිණි පළමු ඉහළ පෙළේ විදේශීය ප්‍රභූවරයා වන්නේ ද ඉන්දීය විදේශ අමාත්‍ය වරයා ය.ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය වරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපති වරයා වෙත කළ නිල ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීම සඳහා සිය ප්‍රථම නිල විදේශ සංචාරය නවදිල්ලියට යාමට ද නියමිත බව වාර්තා වේ. සාමාන්‍ය සම්ප්‍රදාය අනුව ශ්‍රී ලංකාවේ නව නායකත්වයන් සමඟ සුහද සාකච්ඡා සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස මෙලෙස රාජ්‍ය තාන්ත්‍රික ආරාධනා කිරීම සිදු වේ.වත්මන් ජනාධිපති වරයා ද මෙම ආරාධනය පිළිගෙන පළමු රාජ්‍ය තාන්ත්‍රික චාරිකාව ලෙස ඉන්දියාවට යාමේ පෙර ජනාධිපතිවරුන්ගේ මෙම සම්ප්‍රදාය රකිනු ඇති බව දැනගන්නට ඇත. ඒ අතර ඉන්දීය අරමුදල් සපයන ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති සහ එහි ඉදිරි ගමන පිළිබඳව ද සාකච්ඡා කිරීමට ඉන්දියාව බලාපොරොත්තු වන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.මින් පැවසෙනුයේ ශ්‍රී ලාංකේය දේශපාලන නව්‍යකරණය ඉන්දියාවට ද අතිශය තීරණාත්මක ලෙස බලපාන බව ය.

මේ අතර නොවැම්බර් 14 පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු මීළඟ පාර්ලිමේන්තුව රැස් වී අවසන් තීරණයක් ගැනීමට පෙර උතුරේ අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතිය ඇතුළු ඉන්දියාව සමඟ සම්බන්ධ වන ව්‍යාපෘති සියල්ල පිළිබඳ තත්ව සමාලෝචනයක් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව රජය තීරණය කර ඇති බව ද වාර්තා වේ.හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය වසරේ කළ ඉන්දීය සංචාරයේ දී විදුලිබල හා බලශක්ති, වෙළෙඳ, ආර්ථික හා මූල්‍ය කටයුතු සහ ජනතාව අතර සම්බන්ධතා ආවරණය වන සම්බන්ධීකරණ ව්‍යාපෘති ගණනාවකට දෙරට එකඟ වී ඇත.එයට අනුව, පුනර්ජනනීය බලශක්තිය සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අවසන් කිරීමට, ද්විපාර්ශ්වික විදුලි වෙළඳාම සක්‍රීය කිරීමට සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවක් ඇති කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇති බව ද කියනු ලැබේ.ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් ඉදිකිරීම ද තවත් එවැනි ව්‍යාපෘතියකි.එමෙන්ම ඉඩම් සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයි පැවසෙයි.නමුත් ශ්‍රී ලංකාවේ පාලන බලය වෙනස් වීමකදී රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් මත ආරම්භ කරන ලද මෙම සියලු ව්‍යාපෘතිවල වැඩකටයුතු සහ ඒ ආශ්‍රිත අනෙකුත් ආයෝජන වෙනස් කර ගැනීමට ඉන්දියාව කෙසේ වත් එකඟ නොවනු ඇත.ඉන්දියානු ස්ථාවරය එය වුව ද රජයේ ආරංචි මාර්ග අනාවරණය කරනුයේ දෙරට සම්බන්ධ වන සියලුම ව්‍යාපෘති ඒවායේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා සමාලෝචනය වෙමින් පවතින බවයි.

ඒ අනුව අදාළ ව්‍යාපෘති ඉදිරියට ගෙන යාම, ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස දැනටමත් අත්සන් කර තිබෙන අවබෝධතා ගිවිසුම් සංශෝධනය කිරීම හෝ දැනට අත්සන් කර නොමැති නම් ඒ වෙනුවට අලුතින් අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති වරයා සිය විශේෂ අවධානය යොමු කරනු ඇත.ඔහු එසේ කළ යුත්තේ ඔහු සිය මැතිවරණ ව්‍යාපාරයේදී ද ඉන්දීය අදානි බල ව්‍යාපෘතින් එහි නම සඳහන් කරමින් සමාලෝචනය කරන බවට ප්‍රතිඥා දී ඇති බැවිනි. ජනාධිපතිවරයා බලයට පත් ජාතික ජන බලවේගය කෙසේ වෙතත් ඔහු ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ පසුගිය කාලය පුරා ඉන්දියානු ව්‍යාප්තවාදය නම් සංකල්පයක් ගොඩ නඟා එයට එරෙහිව සන්නද්ධ අරගල කළ පක්ෂයකි.එහි නිර්මාතෘ රෝහණ විජේවීර විසින් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරන විට ඉන්දියානු ව්‍යාප්තවාද සංකල්පය ඊට ඇතුල් කරන ලද්දේ ඔහු ඊට පෙර නියෝජනය කළ චීන පිළේ උවමනාව මත විය හැක.ඒ ජනතා විමුක්ති පෙරමුණේ සම්භවය චීන කොම්යුනිස්ට් පිළ රැඳී පවතින බැවිනි.

1960 දශකයේ මුල් කාලය තුළ චීනය සහ සෝවියට් රුසියාව අතර මත ගැටුම් උත්සන්න විය. සෝවියට් රුසියාව ඒ වන විට නිර්මාක්ස්වාදී මාවතකට පිවිසෙමින් තිබූ අතර . රුසියානු විප්ලවයත් සමග එරට ස්ථාපිත වූ දැඩි මාක්ස්වාදී, ජාත්‍යන්තරවාදී පාලනයෙන් ඉවත් වී කාලානුරූපී ලෙස සමාජවාදී මාවතකට අවතීර්ණ වෙමින් පැවතුණි.එමෙන්ම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද එකල රුසියානු සමාජවාදී පක්ෂ සමග සම්බන්ධතා පැවැත්වූ නමුත් පසු කලක එය ද රුසියානු කොම්යුනිස්ට් පිළ සහ චීන කොම්යුනිස්ට් පිළ ලෙස දෙකඩ විය.ඒ වන විට රුසියාවේ ලුලුම්බා සරසවියේ වෛද්‍ය සිසුවකු ව සිටි විජේවීර මෙම කාලය තුළ රුසියානු ක්‍රමය දැඩි ලෙස විවේචනය කළ අතර රුසියාවේ සිට කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු චීන කොමියුනිස්ට් පිළෙහි දේශපාලනයට පක්ෂව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීය.. ඒ අතර, ශ්‍රී ලංකාවේ පැවති රුසියානු හිතවාදී වාමාංශික දේශපාලනය ද ඔහු දැඩි ලෙස විවේචනය කරන්නට විය.නමුත් ඔහු ගේ මෙම ක්‍රියා පිළිවෙත මෙරට රුසියානු හිතවාදී වාමාංශික නායකයනගේ දැඩි අවධානයට යොමුව තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස නිවාඩුව අවසන් වී නැවත රුසියාව බලා පිටත් වීමට සැරසෙන විජේවීරගේ වීසා බලපත්‍රය අහෝසි කිරීමට ශ්‍රී ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලය ක්‍රියා කොට තිබිණ. එතෙක් චීන කොමියුනිස්ට් පිළට සිය මතවාදවලින් පමණක් සහය දැක්වූ විජේවීර ඉන් පසු පසු එම පිළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත් වූයේ ඒ අනුව ය.

කෙසේ නමුත්, වැඩි කල් ගතවීමට පෙර එම පක්ෂයේ ක්‍රියා කලාපය හේතුවෙන් විජේවීර, එය තුළ විකල්ප කණ්ඩායමක් ගොඩනැගීමට කටයුතු කළේය. පසු කලක ජනතා විමුක්ති පෙරමුණ ලෙස වර්ධනය වූයේ මෙයයි.ඒ අනුව එවක ඉන්දියාව චීනයට එරෙහි රුසියානු කඳවුරට අයත් වීම මත ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් පුහුණු කෙරුණු “පන්ති පහේ පාඨමාලාව”ට ඉන්දියානු ව්‍යාප්තවාදය නම් පාඩමක් ද එක් කරන ලදී.ඒ කාල සීමාව තුළ ඉන්දියාව චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙළේ සතුරෙක් විය.එබැවින් චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා විජේවීර ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්දියානු ව්‍යාප්තවාදය නම් බීජය රෝපණය කළ අතර එතැන් පටන් සෑම ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයෙකුම තුළම මේ ඉන්දියන් විරෝධය දළු ලමින් වැඩෙන්නට විය වත්මන් ජනපති අනුර කුමාර ද දැන් කෙසේ හෝ එවක මෙම ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ දේශපාලන පාඩම මැනැවින් ප්‍රගුණ කොට තිබේ.අපට සේම ඉන්දියාවට ද එය සක් සුදක් සේ පැහැදිලි බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ පළාත්වලට බලය බෙදා හැරීම ශ්‍රී ලංකා හමුදාව උතුරු පළාතේ පිහිටි හමුදා බැරුක්කවලට සීමා කිරීම සහ දෙමළ කැරලිකරුවන් නිරායුද කිරීම යනාදි අරමුණු ඉටු කරගැනීමේ අරමුණෙන් යුතුව 1987 ජූලි 29වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන සහ ඉන්දියානු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි අත්සන් තැබූ ඉන්දු-ලංකා ගිවිසුම මුල් කොට ශ්‍රී ලංකා දේශපාලනයේ සන්නද්ධ අරගලයක් ඇරඹීමට ජනතා පෙරමුණ පෙළඹෙන ලද්දේ එවක සැම ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයකු ගේම හදවත් තුළ කැකෑරෙමින් තිබූ ඉන්දියානු ව්‍යාප්තවාදය යන සංකල්පය මත හට ගත් ඉන්දීය විරෝධය බුර බුරා නඟින ගිනි ජාලා බවට පත් වීම නිසා ය. නමුදු අද වන විට එවක පැවැති තත්වයන් සියල්ල උඩු යටිකුරු වී තිබේ.එවක රුසියානු කඳවුරට සහාය දැක් වූ ඉන්දියාව මේ වන විට ඇමරිකානු කඳවුර නියෝජනය කරයි.එමෙන්ම ජනපති අනුර කුමාරගේ මව් දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ අදටත් තම රටට වඩා තමන්ට සතුරු චීනය සමඟ සුහද මිත්‍රශීලී බවක් පවත්වා ගෙන යන බව ද ඉන්දියාව දනී.එහෙත්, එම තත්වය යටතේ නව ජනපති වරයාගේ හෝ ඔහු ගේ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ආකල්ප කෙසේ යාවත් කාලීන වී ඇත්දැයි අපි නොදනිමු.

ජනපති අනුර කුමාර බලයට පත් ජාතික ජන බලවේගය සමාජවාදී තිඹිරිගෙයක උපන් ජනතා විමුක්ති පෙරමුණට වඩා නවීනත්වයක් පළ කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කැප වූ දේශපාලන බලවේගයක් බව පෙනේ.ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණට වඩා ව්‍යක්ත වනු ඇත.වත්මන් අගමැතිනිය වන හරිනි අමරසූරිය ඒ සම්බන්ධ පුරෝගාමී මෙහෙවරක යෙදෙන බව අප ගේ වැටහීම ය. මේ සියළු තත්වයන් තුළ නුදුරේ දීම සිදු වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පවත්නා ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික හමුව මඟින් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය කවර දිසාවකට යොමු වනු ඇත්ද යන්න උතුරු කටුවකට හෙවත් මාලිමාවකට වත් තීරණය කිරීමට දැනට නම් නොහැකි බව අප ගේ වැටහීම ය.

නමුත් වත්මන් ජනපති අනුර කුමාර බලයට පත් ජාතික ජන බලවේගය සමාජවාදී තිඹිරිගෙයක උපන් ජනතා විමුක්ති පෙරමුණට වඩා නවීනත්වයක් පළ කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කැප වූ දේශපාලන බලවේගයක් බව පෙනේ.ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් ජාතික ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණට වඩා ව්‍යක්ත වනු ඇත.වත්මන් අගමැතිනිය වන හරිනි අමරසූරිය ඒ සම්බන්ධ පුරෝගාමී මෙහෙවරක යෙදෙන බව අප ගේ වැටහීම ය. මේ සියළු තත්වයන් තුළ නුදුරේ දීම සිදු වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර පවත්නා ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික හමුව මඟින් ශ්‍රී ලංකාවේ දේශපාලන අනාගතය කවර දිසාවකට යොමු වනු ඇත්ද යන්න උතුරු කටුවකට හෙවත් මාලිමාවකට වත් තීරණය කිරීමට දැනට නම් නොහැකි බව අප ගේ වැටහීම ය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර