IMF තුන්වැනි සමාලෝචනය සංචාරය නිමවීමෙන් පසුව

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින IMF කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් පවසයි.

ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් ඊයේ (04) පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී ය.

මෙම දෙවැනි සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත්තේ, IMF වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග සම්බන්ධයෙනි.

ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදී මනාව ගොඩනැගුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කාලීන පුවත්