මහින්දගේ වීරකටිය කාල්ටන් නිවසට තෙකලා විදුලිය අහිමි වෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වීරකටිය කාල්ටන් නිවසට සපයා තිබූ තෙකලා විදුලි සැපයුම විදුලි බල මණ්ඩලය විසින් අද(05) විසන්ධි කර තිබේ. මණ්ඩලයේ සේවකයන් පිරිසක් විසින් අද දහවල් ඊට ඇද තිබූ තෙකලා විදුලිය රැහැන් පද්ධති ඉවත් කර තිබිණි.ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරනුයේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ එම පහසුකම් ඉවත් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මණ්ඩලයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියකට අනුව මෙම පියවර ගෙන ඇති බවකි.

කාලීන පුවත්