උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් සන්ධාන ගතවෙයි

උතුරු හා නැගෙනහිර පළාත්වල දේශපාලන පක්ෂ හයක් හා සිවිල් සංවිධාන රැසක් මෙවර මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය වශයෙන් තරග කිරීමට තීරණය කර තිබේ.

මෙම නව සන්ධානය සඳහා ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, දෙමළ ජාතික පක්ෂය, දෙමළ ජනතා ජාතික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සන්ධානගත වී සිටින බවත්, හක්ගෙඩිය සලකුණින් තරග කරන බවත්, ප්ලොට් සංවිධානයේ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රි ධර්මලිංගම් සිද්ධාර්ථන් පැවසීය.

කාලීන පුවත්