බිත්තරයේ මිල වැඩි කරන අතරමැදියන් ගැන නිෂ්පාදකයන්ගෙන් චෝදනා

පසුගිය දිනවල මිල පහළ ගිය බිත්තර මිල මෙම සතිය වනවිට යළි රුපියල් 45 දක්වා ඉහළ ගොස් තිබේ.

බිත්තර නිෂ්පාදනය පහළ වැටීමෙන් මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවටයි වෙළදුන් පවසයි.

කෙසේ වෙතත් බිත්තර නිෂ්පාදකයින් චෝදනා කරන්නේ අතිරික්ත තොග පැවතිය ද මිල ඉහළ නැංවීම වෙනුවෙන් වෙළදුන් මාෆියාවක් ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් මිල ඉහළ ගිය බිත්තර පසුගිය සති දෙකෙහි මිල අඩුවීමක් දක්නට ලැබුණි.

බිත්තර නිෂ්පාදනයේ අතිරික්තයක් ඇතිවීම හේතුවෙන් එලෙස මිල අඩුවූ බවටයි නිෂ්පාදකයින් ප්‍රකාශ කරයි.

එමෙන්ම කිකිලියන් වැඩි ප්‍රමාණයක් ආනයනය කිරීම ද මෙම තත්ත්වයට බලපා තිබුණා.

බිත්තර අතිරික්තයක් ඇතිවීමේ පසුබිම හමුවේ බිත්තරයක මිල රුපියල් 27 ත් 30ත් අතර මිලකට පහත වැටුණි.

එහෙත් අද වනවිට එම මිල යළි ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

බිත්තර මිල අඩුවීම හේතුවෙන් බිත්තර පරිභෝජනය ද පසුගිය සති කීපයේ දී ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අධිකාරිය පවසයි.

 

කාලීන පුවත්