රනිල් ගේ ආරක්ෂාව ඉවත් කළ කතාව බොරු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව ඉවත්කර ඇති බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50 දෙනෙකු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් තවදුරටත් එළෙසම කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට ලබාදිය යුතු නිලධාරීන් ගණන කඩිනමින් තීරණය කර ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු මෙහිදී පවසා ඇත.මේ අතර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාසය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට තීරණය කර ඇති අතර,එයින් ද අතිරික්ත නිලධාරීන් ඉවත්කිරීම ද සිදුව ඇති බව ද වාර්තා වේ.

කාලීන පුවත්