ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්සත් ජනපදයේ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර තිබේ.

ශ්‍රී ලංකාවට අපනයන වෙළඳ ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් ( Julie Chung) මහත්මිය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) දින පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීයි මෙම කරුණු අනාවරණය වී තිබේ.

කාලීන පුවත්