අප භාවිතා කරන බොහෝ දේ නොකඩවා එක දිගට පරිහරණය කිරීම මඟින් ජරා ජීර්ණ වන බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සම්බන්ධයෙන් ගත හැකි සරලම නිදසුනක් නම් ඇඳුම් පැළඳුම් ය. අප භාවිතා කරන ඇඳුම් පැළඳුම් කිසිදු සේදීමකින්, පිරිසිදු කිරීමකින් තොරව එක දිගටම යම් කාලයක් අදින්නට පළඳින්නට පටන් ගත හොත් ඇති වන තත්වය කුමක් විය හැකිද? එවිට එම ඇඳුම් පැළඳුම් වල අපගේ ශරීර වලින් නික්මෙන දහඩිය සහ බාහිරින් එක් වන අප ද්‍රව්‍ය තැවරීමෙන් යම් කාලයක් ගත වන විට ඒවා කිළිටි ගොමස්කඩ බවට පත් වීම කිසිසේත් වැලැක්විය නොහැක. අප ජන සමාජයේ පවත්නා සිරිත්-විරිත්, ජන සම්ප්‍රදායන් සේම විද්‍යා ශාස්ත්‍රයන් ද එලෙස නිවැරදි ශික්ෂණයකින් තොරව නිවැරදි දිශානතියකට යොමු නොවීමෙන් ඒවායේ ද විපරිනාමීය විපරීත ලක්ෂණ දක්නට ලැබීම අතිශයින් ස්වභාවික ය.
ශ්‍රී ලාංකේය ජන සමාජයට අතිශයින් හුරු පුරුදු ජ්‍යොතිෂය ද වසර දහස් ගණනකට ඉහත භාරතයේ පහළ වී කෙමෙන් විකාශනයට හා පරිනාමයට ලක්ව අප ශ්‍රී ලාංකේය ජන සමාජයට පිවිසි ඉතා වැදගත් මානව ශාස්ත්රයකි. එහි සත්‍යාසත්‍ය භාවය සම්බන්ධයෙන් සමාජය පුරා විවිධ කථිකාවන් පවතී. එහෙත්, විවිධ සිද්ධාන්ත සමුදායන් මත පදනම්ව ශාස්ත්‍රයක් වන බැවින් එය නොවැදගත් දෙයක් සේ කෙසේ වත් සැලකිය නොහැක.
අප ජන සංස්කෘතිය තුළ ද වසර සිය ගණනක් පුරා මානව ශාස්ත්‍රයක් සේම උපදේශන මාධ්‍යයක් ලෙස සුභාවිත වූ ජ්‍යොතිෂය මීට දශක කිහිපයකට පෙර සිට බරපතල අවභාවිතාවකට හෙවත් කිළිටි, ගොමස්කඩ බවට පත්ව ඇති වගක් ජ්‍යොතිෂය සම්බන්ධ යම් යම් ප්‍රමාණයන් ගෙන් දැනුම් අවබෝධයන් ඇත්තවුන් මිස සාමාන්‍ය ජනතාව නොදනිති. එක්තරා අන්දමකින් සමාජමය අපගමනයක් ද වන මේ සඳහා මූලික හේතුවක් ලෙස අප දකිනුයේ ගත වූ දශක කිහිපය තුළ ඇති වූ මාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්රයේ ව්‍යාප්තියයි. විශේෂයෙන් රූපවාහිනිය, යූ ටියුබ් වැනි සමාජ ජාල වැනි මාධ්‍යයන් ජනතාව අතරේ ප්‍රචලිත වීමත් සමඟ දිගු කාලීනව අප සමාජයේ සාම්ප්‍රදායික භාවිතයක්ව පැවැති ජ්‍යොතීර්වේදයට ජනකාන්ත බවක් ආරෝපණය විය.
එමෙන්ම අප ජන සංස්කෘතිය තුළ ද වසර සිය ගණනක් පුරා මානව ශාස්ත්‍රයක් සේම උපදේශන මාධ්‍යයක් ලෙස සුභාවිත වූ ජ්‍යොතිෂය මීට දශක කිහිපයකට පෙර සිට බරපතල අවභාවිතාවකට හෙවත් කිළිටි, ගොමස්කඩ බවට පත්ව ඇති වගක් ජ්‍යොතිෂය සම්බන්ධ යම් යම් ප්‍රමාණයන් ගෙන් දැනුම් අවබෝධයන් ඇත්තවුන් මිස සාමාන්‍ය ජනතාව නොදනිති. එක්තරා අන්දමකින් සමාජමය අපගමනයක් ද වන මේ සඳහා මූලික හේතුවක් ලෙස අප දකිනුයේ ගත වූ දශක කිහිපය තුළ ඇති වූ මාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්රයේ ව්‍යාප්තියයි. විශේෂයෙන් රූපවාහිනිය, යූ ටියුබ් වැනි සමාජ ජාල වැනි මාධ්‍යයන් ජනතාව අතරේ ප්‍රචලිත වීමත් සමඟ දිගු කාලීනව අප සමාජයේ සාම්ප්‍රදායික භාවිතයක්ව පැවැති ජ්‍යොතීර්වේදයට ජනකාන්ත බවක් ආරෝපණය විය.එමෙන්ම ඒ ජනකාන්ත බව ඔස්සේ බොහෝ ජන මාධ්‍ය ජ්‍යොතිෂය විවිධාකාරයෙන් භාවිතයට ගන්නා ලද්දේ තරඟකාරී ලෙසින් අන් මාධ්‍ය අබිබවා ඒ ඒ ජනකාන්ත බවේ ජයටැඹ වෙත ළංවීම පිණිස ය. ඒ අනුව අප සමාජයට උරුම සාම්ප්‍රදායික සිද්ධාන්තමය ජ්‍යොතීර්වේදයේ හතර මායිමටවත් අයත් නොවන නරුම ජ්යොතීර්වේදයක් සමාජගත වූ අතර ඒ ඔස්සේ සැබෑ ජ්‍යොතිෂ සිද්ධාන්ත වලට ඉඳුරාම පටහැනි වූ “සියොළඟ ලොමු දැහැ ගැන්වෙන අනාවැකි කීමේ” නරුම ජ්‍යොතීර්වේදීන් පිරිසක් ද කල එළි බසිනු දක්නා ලදී.ජ්‍යොතීර්වේදය මුල් කොට සියයට සියයක්ම නිවැරදි නියත අනාවැකි පළ කළ නොහැකි බව එහි සිද්ධාන්තවලට පැවසෙයි. එහෙත්, හෝඩිය කියවා නොමැත්තවුන් වාක්‍ය රචනා ලියන්නාක් බඳු මොවුන් විසින් එම නියත අනාවැකි ප්‍රකාශ කිරීම මුල් කොට ප්‍රබල සමාජමය අනර්ථයන් දෙකක් සිදු විය.
ඉන් පළමු වැන්න වනුයේ මෙම පිරිස ජ්‍යොතීර්වේදයේ නාමයෙන් ඉදිරිපත් කළ විකට විකාරාදිය නිසා සිද්ධාන්තමය ජ්‍යොතීර්වේදය සම්බන්ධයෙන් දැනුම් අවබෝධයන් ඇත්තවුන් එම ක්ෂේත්රය අතහැර යාම ය. විසි වන සියවසේ මෙරට පහළ වූ විශිෂ්ටම ජ්‍යොතීර්වේදී පඬිරුවනක් වූ ලංකා ග්‍රහස්පුට පංචාංග ලිත් මාලාවේ නිර්මාතෘ එස්.ඩබ්ලියු. කස්තුරිරත්න විද්වතාණන් ගෙන් 1970 දශකයේ ජ්‍යොතීර්වේදය උගත් ඩබ්ලියු. ටී.ඩබ්ලියු. පෙරේරා (වෑවලගේ විමලසිරි) ඉන්දීය පඬිවරුන් විසින් සම්පාදනය කරන ලද පැරණි භාරතීය ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත පවා මැනැවින් හදාළ ද්වි භාෂා උගතෙකි. මීට දශකයකට පමණ පෙර වරක් ඔහු අප හා කියා සිටියේ “දැන් ටීවී එකේ යන ජ්‍යොතිෂ වැඩසටහන් වල කියන ඒවා ඇහෙන කොට හාට් ඇටෑක් හැදෙනවා.ඒ කතා ජ්‍යොතිෂ මූල ධර්ම වලට එහෙම් පිටින්ම පටහැනියි” යනුවෙනි. ජන මාධ්‍යවලින් ජ්‍යොතිෂ වශයෙන් ප්‍රකාශ වන එම නරුම අදහස් මුල් කොට අවට සමාජය තමන් නිරතුරුවම ප්‍රශ්න ඇසීම මත තමන් මුළුමනින්ම ජ්‍යොතිෂය අතහැර දැමූ බව පෙරේරා මහතා පසු කලෙක කීය.මෙම නරුම ජ්‍යොතීර්වේදය සමාජ ගත වීමෙන් සිදු වූ දෙවන හානිය නම් පසුගිය කාලයේ ජ්‍යොතීර්වේදයේ නමින් මාධ්‍ය කරලියේ රඟ දැක්වුණු ආටක නාටක නිසා සාමාන්‍ය ජනතාව අතරේ දුර්මත වැපිරවීමට සමත් වීම හා නව පරපුර හමුවේ ජ්‍යොතීර්වේදය විහිළුවක් බවට පත් වීම ය.
අප රටේ බොහෝ චයිනීස් රෙස්ටෝරන්ට් වල අලෙවි කෙරෙන බොහෝ චීන කෑම චීන ජාතිකයන් කිසිදා රස බලා දැක තබා අසාවත් නොමැති චීනයට ද ආගන්තුක ඒවා බව ප්‍රසිද්ධ කරුණකි.එමෙන්ම අප සමාජයේ වීර සම්භාවිත සාම්ප්‍රදායික සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදය හා පසුකාලීනව ජනකාන්ත බවට පත් මෙම නරුම ජ්‍යොතීර්වේදය අතර ඇති පරස්පරතාව ඊටත් බෙහෙවින් පුළුල් බව නොකියාම බැරිය. එමෙන්ම පසුගිය කාලය පුරා ජන මාධ්‍ය මගින් පැතිර ගිය එම ජ්‍යොතිෂය මුල් කොට ගත් එම විකෘති හා සාවද්‍ය අදහස් මුල් කොට තම සේවා ලාභීන් තුළ පැන නැගී ඇති වැරදි විශ්වාස දුරලීම අදටත් සැබෑ ජ්‍යොතීර්වේදීන් හමුවේ පැන නැඟී ඇති බලවත් අභියෝගයක් බවට පත් ව තිබේ.
අප ජන සමාජය ජ්‍යොතිෂය මගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන ප්‍රධාන අභිමතාර්ථයන් තුනකි. එනම් නැකත් සාධනය,පොරොන්දම් පරීක්ෂාව ආදියේ දී ග්‍රහමය විශ්ලේෂණ සහ අනාවැකි දැන ගැනීම යන්න ය. මෙහි දී නැකත් භාවිතය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා නරුම ජ්‍යොතීර්වේදීන් විසින් පතුරුවන ලද මතයක් වූයේ නැකත යනු දවසේ කුමන වේලාවක එළඹුණ ද එය පිළිපදින්නා අනිවාර්යෙන් එය පිළිපැදිය යුතු බවකි. ඒ අනුව සූර්යෝදයට පෙර භූමිය හා සම්බන්ධ කටයුතු සේම ළදරුවන් හට බත් කැවීම් සහ අකුරු කියැවීම් සඳහා නැකත් සාදා දෙන ජ්‍යොතීර්වේදීන් ද අද මේ වන විට ගමක් ගානේ ඇති බව අපට මනාව පසක්වී තිබේ. මෙය නරුම ජ්‍යොතීර්වේදය තුළ පවත්නා දුර්දාන්ත ලක්ෂණයකි.
අප ජන සමාජය ජ්‍යොතිෂය මගින් ඉටුකර ගැනීමට බලාපොරොත්තු වන ප්‍රධාන අභිමතාර්ථයන් තුනකි. එනම් නැකත් සාධනය,පොරොන්දම් පරීක්ෂාව ආදියේ දී ග්‍රහමය විශ්ලේෂණ සහ අනාවැකි දැන ගැනීම යන්න ය. මෙහි දී නැකත් භාවිතය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා නරුම ජ්‍යොතීර්වේදීන් විසින් පතුරුවන ලද මතයක් වූයේ නැකත යනු දවසේ කුමන වේලාවක එළඹුණ ද එය පිළිපදින්නා අනිවාර්යෙන් එය පිළිපැදිය යුතු බවකි. ඒ අනුව සූර්යෝදයට පෙර භූමිය හා සම්බන්ධ කටයුතු සේම ළදරුවන් හට බත් කැවීම් සහ අකුරු කියැවීම් සඳහා නැකත් සාදා දෙන ජ්‍යොතීර්වේදීන් ද අද මේ වන විට ගමක් ගානේ ඇති බව අපට මනාව පසක්වී තිබේ. මෙය නරුම ජ්‍යොතීර්වේදය තුළ පවත්නා දුර්දාන්ත ලක්ෂණයකි. නමුත්,සෛද්ධාන්තික ජ්‍යොතීර්වේදය මිනිසාට එබඳු කෙනෙහිලිකම් නොකරන බවත් සමාජයේ එක් එක් කටයුතු වලට ගැලපෙන හා පිළිපැදීමට පහසු අන්දමින් නැකත් සාධනය කර ගැනීමේ පහසු අවකාශයක් එහි පවතින බවත් නියත වශයෙන්ම කිව යුතු ය. එමෙන්ම නැකත් පිළිපැදීමෙන් විශේෂ යහපත විනා නැකත් නොපිළිපැදීමෙන් අයහපතක් සිදුවන බවක් සෛද්ධාන්තමය ජ්‍යොතීර්වේදයේ කිසිදු තැනක සඳහන් නොවේ.නමුත් සුබ නැකතක් වැරදීම මාරක විපත් සඳහා වන පෙරනිමිත්තක් බව පවසන “අන්ද කයිප්පුවෝ” ද මේ වන විට ජ්‍යොතීර්වේදය තුළට රිංගා ගෙන අසරණ ජනතාව ගේ ඉහ මොළ සූරා කති.
මේ අතර ජන්ම පත්‍රයක ඇති ග්‍රහ පිහිටීම් පදනම්ව ඒවා ශාස්ත්‍රීය විශ්ලේෂණයනට ලක් නොකොට යම් යම් විනිශ්චයන් දීම ද පසුගිය කාලයේ සමාජය පුරා ව්‍යාප්ත වූ නරුම ජ්‍යොතීර්වේදයේ ප්‍රධාන අංගයක්ව තිබේ. මගේ සේවා ලාභියෙකු ගේ පුතකුගේ ජන්ම පත්‍රයේ එක, හතර, හත, දහය කොටු හෙවත් භාවයන් හිස්ව පැවතීම මත ඔහු ගේ හතර කේන්දරේ පාළු වී ඇතැයි පොරොන්දම් පරීක්ෂාව ප්‍රතික්ෂේප කළ එවන් ජ්‍යොතීර්වේදියකු පිළිබඳව ද මට අසන්නට ලැබිණ.මේ වන විට ඒ තරුණයා සැමියකු හා පියකු ලෙස සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටියි.
රෝගියකු ගේ ශරීරය දෙස බලා ඔහුගේ ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගාබාධ පිළිබඳ පැවසීමට කිසියම් වෛද්‍යවරයකු සතුව ඇති හැකියාව කෙබඳු ද? සැබෑ ජ්‍යොතීර්වේදියකු හට යමකු ගේ ජන්ම පත්‍රයක් දිග හැර බලා ඒ සම්බන්ධ නිවැරදි ග්‍රහ විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීමට එපමණ වත් හැකියාවක් නොමැති බව ඒකාන්ත වශයෙන් කිව යුතු ය. ඒ සඳහා එම ජන්ම පත්‍රයේ ඇති ග්‍රහ බල විශ්ලේෂණය කිරීම අනිවාර්ය වන අතර අවශ්‍ය නම් එම ග්‍රහමය තත්ත්වයන් හි යටි පෙළ පරීක්ෂා කිරීම පිණිස වන දැනුමක් ද ඒ ජ්‍යොතීර්වේදියා සතුව තිබිය යුතුම ය.ප්‍රායෝගික වශයෙන් බොහෝ දෙනකු සිදු නොකරන එය හැඳින්වෙනුයේ ‘සූක්ෂම පරීක්ෂාව’යනුවෙනි. “මේ සූක්ෂම පරීක්ෂාවේ ඕනෑම සුබ ග්රහචාරයකින් අසුබ පලයකුත් ඕනෑම අසුබ ග්රහචාරයකින් සුබ ඵලයකුත් මතු කර ගන්න පුළුවන්”එස්.ඩබ්ලියු. කස්තුරිරත්න විද්වතාණෝ සිය හඳහන් බැලීමේ ගුරු මුෂ්ටි 1 කෘතියෙන් පවසති.ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ හිටපු මහාචාර්ය ගුණපාල ධර්මසිරි සූරීන් අවධාරණය කොට ඇත්තේ ජ්යොතීර්වේදයෙන් මතු වන දර්ශනය තුළින් මෙලොව අනිත්‍යතාව සේම ක්ෂණ භංගුරතාව මනාව පිළිබිඹු වන බවකි.
මේ අතර පසුගිය වකවානුවේ හුදු ජනකාන්ත බවට පත් නරුම ජ්‍යොතීර්වේදය මගින් ජන මාධ්‍ය මගින් අනාවැකි පැවසූ අඳ බාලයන් ඒ සමඟ “ෂුවර් ඇන්ඩ් ෂොට්” වැනි අවියත් වාචාල යෙදුම් ද භාවිතා කිරීම් ද සැමට වැටහෙන බසින් කිව හොත් ජ්‍යොතීර්වේදයට “හෙනහුරු දසාව” උදාකර වීමට සමත්ව තිබේ. එමෙන්ම තමන් පළ කළ අනාවැකියක් වැරදී නැති බවට පූච්චානම් දෙඩූ ජ්‍යොතිෂය පුවත් පත් ලෙසින් එළි දුටු නිසරු බාල බොළඳ ප්‍රකාශන ද පසුගිය කාලය තුළ දක්නට ලැබිණ. මේ අතර යමකු ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට එමගින් පෙන්නුම් කෙරෙන මූලික ග්‍රහමය තත්වයන් මත ඔබගේ අතින් මිනී මැරුමක් වෙන්න ඉඩ තියනවා. ඉදිරි මාස දෙකේ ඔබ මාරාන්තික අනතුරකට ලක් වෙනවා;අඩුම ගාණේ ඔබේ හතර හන්දි වත් කැඩෙනවා “වැනි නරුම අනාවැකි කී ජ්‍යොතීර්වේදී අඳ බාලයන් ගැන ද අපට අසන්නට ලැබී තිබේ. එය හරියට වෛද්‍යවරුන් රෝගීන්ට ඖෂධ වෙනුවට වස විස නියම කිරීමට සමාන වූවකි.
අපට උරුම සැබෑ ජ්‍යොතිෂය වෙනුවට පසුගිය කාලය හුදු ජාවාරම් කරුවන් විසින් ජනමාධ්‍ය මගින් සමාජය පුරා වැපිර වූ නරුම ජ්‍යොතිෂය හුදෙක් කූට ජාවාරම්කරණය මත පදනම් වූවකි.මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදය මත පදනම් ව ඒ ඔස්සේ සිදු වූ වංචා දූෂණ අක්‍රමිකතා ප්‍රමාණය අති විශාල ය.මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති නව දේශපාලන පෙරළිය මඟින් ගත වූ කාලය තුළ ඉවක් බවක් නොමැතිව සමාජය පුරා ඔඩු දුවා තිබූ වංචා දූෂණ අක්‍රමිකතා පිටු දැකීම ජනතා අපේක්ෂාව ය.ජ්‍යොතීර්වේදය මුල් කොට එවන් තත්වයක් උදා කරනු පිණිස පසුගිය කාලය පුරා ඒ සම්බන්ධයෙන් මා ලත් අත්දැකීම් ද මුල් කොට ‘සැබෑ ජ්‍යොතිෂය’ නමින් කෘතියක් එළි දැක්වීමට මම අදහස් කළෙමි. එම කෘතිය මෙම ඔක්තෝබර් 13 ඉරිදා පෙ. ව. 9.00 ට ගණේමුල්ල ස. තො. ස. ආසන්නයේ පිහිටි වයිටි කවාලි ශාලාවේ දී එළි දැක්වීමට නියමිත ය.එහි දී එම උත්සව සභාව අමතා ජ්‍යොතීර්වේදීන් නොවන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ, ගුප්ත විශ්වාස ගවේෂක ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ සහ ජනප්‍රිය නවකතා රචිකාවියක ලේඛිකාවක වන චන්දි කොඩිකාර යන විද්වත්හු ඒ සම්බන්ධ තම නිදහස් අදහස් පළ කරනු ඇත.
අපට උරුම සැබෑ ජ්‍යොතිෂය වෙනුවට පසුගිය කාලය හුදු ජාවාරම් කරුවන් විසින් ජනමාධ්‍ය මගින් සමාජය පුරා වැපිර වූ නරුම ජ්‍යොතිෂය හුදෙක් කූට ජාවාරම්කරණය මත පදනම් වූවකි.මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදය මත පදනම් ව ඒ ඔස්සේ සිදු වූ වංචා දූෂණ අක්‍රමිකතා ප්‍රමාණය අති විශාල ය.මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති නව දේශපාලන පෙරළිය මඟින් ගත වූ කාලය තුළ ඉවක් බවක් නොමැතිව සමාජය පුරා ඔඩු දුවා තිබූ වංචා දූෂණ අක්‍රමිකතා පිටු දැකීම ජනතා අපේක්ෂාව ය.ජ්‍යොතීර්වේදය මුල් කොට එවන් තත්වයක් උදා කරනු පිණිස පසුගිය කාලය පුරා ඒ සම්බන්ධයෙන් මා ලත් අත්දැකීම් ද මුල් කොට ‘සැබෑ ජ්‍යොතිෂය’ නමින් කෘතියක් එළි දැක්වීමට මම අදහස් කළෙමි. එම කෘතිය මෙම ඔක්තෝබර් 13 ඉරිදා පෙ. ව. 9.00 ට ගණේමුල්ල ස. තො. ස. ආසන්නයේ පිහිටි වයිටි කවාලි ශාලාවේ දී එළි දැක්වීමට නියමිත ය. එහි දී එම උත්සව සභාව අමතා ජ්‍යොතීර්වේදීන් නොවන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ, ගුප්ත විශ්වාස ගවේෂක ප්‍රවීණ මාධ්‍යවේදී තිලක් සේනාසිංහ සහ ජනප්‍රිය නවකතා රචිකාවියක ලේඛිකාවක වන චන්දි කොඩිකාර යන විද්වත්හු ඒ සම්බන්ධ තම නිදහස් අදහස් පළ කරනු ඇත.මා මෙම ග්රන්ථ එළි දැක්වීමට එවන් අංග ඇතුලත් කළේ සැබෑ ජ්‍යොතිෂය සම්බන්ධ නිදහස් සමාජ කථිකාවක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමිනි. එම අවස්ථාවට එක් වන ඔබට ද ඊට සම්බන්ධ විය හැකි අතර මේ වන විට සැබෑ ජ්‍යොතිෂය කෘතිය කියවා ඇති ඔවුන් එදින කරන නිදහස් අදහස් මොනවාද? යන්න දැන ගැනීමට මම ද මහත් කැමැත්තෙන් හා කුතුහලයෙන් යුතුව පසුවෙමි.
හේම ශ්‍රී අමරසිංහ