අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව

පවත්නා වැසි තත්ත්වයේ බලපෑම ප්‍රදේශ ගණනාවකට තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත.

බස්නාහිර , සබරගමුව, වයඹ ,මධ්‍යම සහ උතුරු පළාත්වලට අද දිනයේද තද වැසි ඇතිවෙයි.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 50 ක් වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයට ඊයේ දැනුම් දී තිබුණි.

සහන මධ්‍යස්ථාන 23 පවුල් 584 කට අයත් පුද්ගලයින් 2200ක් රදවා තිබේ. පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු සඳහා මෙන්ම ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ ද නිරතුරුව කටයුතු කරමින් සිටියි.

කාලීන පුවත්