ගුවන් අනතුරකින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී , බිරිඳ සහ තවත් 11 දෙනෙක් මරුට

දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයේ සිදු වූ හෙලිකොප්ටර් අනතුරකින් ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිඳ සහ තවත් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ගුවන් හමුදාව පවසයි.බදාදා උදෑසන කුනූර් නගරයට ආසන්න කඳුකරයට MI-17V5 හෙලිකොප්ටරය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.දිවි ගලවා ගත් එක් අයෙක්  රෝහලේ ප්‍රතිකාර ලබයි.63 හැවිරිදි ජෙනරාල් රාවට් 2019 ජනවාරි මාසයේදී ඉන්දියාවේ පළමු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී.ඒ අනුව යුධ හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක් වූ අතර, ඉන්දීය පාලිත කාශ්මීරය ඇතුළු මෙහෙයුම් පරාසයක් භාරව සිටියේ ජෙනරාල් රාවට්ය.අධික මීදුම් සහිත කාලගුණය තුළ සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති බව ඉන්දීය ගුවන් හමුදාව ප්‍රකාශ කළේය. අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් කැබිනට් ආරක්ෂක කමිටුවක් හදිසි සැසියක් පවත්වයි.

කාලීන පුවත්