එළවළු මිල ඉහළට

බස්නාහිර පළාතේ පවතින අධික වැසි තත්ත්වයත් සමග කඳුකර ප්‍රදේශවල එළවළු තොග කොළඹ සහ ඒ අවට ආර්ථික මධ්‍යස්ථානවලට රැගෙන නොඒම නිසා, එම මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ.

කොළඹට එළවළු සැපයුම පහත වැටීම නිසා නාරාහේන්පිට ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු තොග සහ සිල්ලර මිල ගණන් වැඩිවී තිබේ.

බෝංචි කිලෝවක මිල රුපියල් 480ත් 500ත් අතර මිලක් දක්වාද, ලීක්ස් කිලෝවක මිල රුපියල් 200ත් 280ත් අතර මිලක් දක්වාද, මාළු මිරිස් කිලෝවක මිල රුපියල් 600ත් 800ත් අතර මිලක් දක්වාද, තක්කාලි කිලෝවක මිල රුපියල් 250ත් 360ත් අතර මිලක් දක්වාද වැඩිවී තිබේ.

කාලීන පුවත්