ධීවරයන්ට විශේෂ ඉන්ධන සහනයක්

ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන අහිතකර බලපෑමට පිළියමක් ලෙස ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එම සහනය මාස 6ක කාලයක් සඳහා ලබා දීමට කෘෂිකර්ම, ඉඩම්, පශුසම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩල අනුමැතිය හිමි වූ බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (15) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කාලීන පුවත්