දැදුරු ඔය ජලාශයේ දැවැන්ත ආක්‍රමණිකයා ලූල් වර්ගයේ මාළුවෙක්

දැදුරු ඔය ජලාශයේ මත්ස්‍ය සම්පත වන­සන ආක්‍ර­ම­ණික මත්ස්‍යයා දේශීය මත්ස්‍ය­යකු වන ලූලා අයත් මත්ස්‍ය කාණ්ඩ­යේම දරුණු ආක්‍ර­ම­ණ­ශීලී channa micropeltes (Giant snakehead) නම් මත්ස්‍ය ප්‍රභේ­දය බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආය­ත­නය (නාරා) මඟින් තහ­වුරු කර ඇත.අග්නි­දිග ආසි­යාව නිජ­බිම කර­ගත් මාංස භක්ෂක මිරි­දිය මත්ස්‍ය­යකු වන මේ මත්ස්‍යයා කි.ග්‍රෑ. 20ක් පමණ වර්ධ­න­යක් දැකිය හැකි බවත් ශීඝ්‍රයෙන් තම වර්ගයා බෝ කර­න්නකු බවත් නාරා ආය­ත­නයේ ප්‍රධාන මත්ස්‍ය විද්‍යාඥ රමණි ශිරන්තා මෙන­විය සඳ­හන් කරයි.මේ නිසා ජලා­ශයේ සිටින අනෙ­කුත් මත්ස්‍ය­යන්ට දැඩි තර්ජ­න­යක් ඇති වන බව ද නාරා ආය­ත­නය තහ­වුරු කර තිබේ. එමෙන්ම ධීව­ර­යන් සඳ­හන් කර ඇත්තේ මේ හේතු­වෙන් ජලාශයේ සෑම ධීවර තොටු­පො­ළ­කම ධීව­ර­යන්ගේ දිනක මත්ස්‍ය අස්වැ­න්නට මෙම මත්ස්‍යයා මඟින් බල­පෑම් එල්ල වන බවයි.එමෙන්ම මෙම මත්ස්‍යයා නිසා මිරි­දිය ධීවර කර්මා­න්ත­යට එල්ල­වන බල­පෑම අවම කර ගැනී­මට මත්ස්‍ය­යාගේ ව්‍යාප්තිය පාල­නය කිරීමේ ක්‍රියා­මාර්ග සම්බ­න්ධ­යෙන් නාරා ආය­ත­නය කරුණු අධ්‍ය­ය­න­යක් සිදු කෙරෙන බව ද ඇය පවසයි.

කාලීන පුවත්