පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලීසියට මිලියන 1500ක්

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් පොලිසියට රුපියල් මිලියන එක්දහස් පන්සියයක ප්‍රතිපාදන ලැබී තිබේ.

මහා භාණ්ඩාගාරය විසින් මෙම මුදල් ප්‍රතිපාදන වෙන්කර දී ඇති බවත් මැතිවරණ රාජකාරී කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට පැවසීය.

මැතිවරණ දිස්ත්‍රික් 22 කෙහිම තේරීම්භාර කාර්යාලවල මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන ස්ථාපිත කර නිලධාරීන් යොමුකොට ඇති බවත් පෝස්ටර් ඉවත් කිරීම, මැතිවරණයේ දී ප්‍රවාහන පහසුකම් සැලසීම, මෙන්ම මැතිවරණ නීති කඩකිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය නිලධාරීන් සූදානම් කර තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

කාලීන පුවත්