වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක්

හිටපු ජනාධිපතිවරුන්‌ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමු වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.ඒ, තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමටයි.

මේ සම්බන්ධයෙන් තනි තනිව සටන් කිරීමට වඩා සාමූහිකව කටයුතු කිරීම ප්‍රතිඵලදායක බවටයි බොහෝ හිටපු ජනාධිපතිවරුන්ගේ අදහසවී ඇත්තේ.වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය මෙහෙයවීමෙන් පැවති විද්වත් කතිකාවතට ජනාධිපතිවරුන් කිහිපදෙනෙකු සහභාගී වී ඇති බව සඳහන්.

එහිදී රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් අදහස් දැක්වීමද එහි මූලික පියවරක් බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.ජනාධිපති වරප්‍රසාද කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් කිහිපදෙනකුම දැනටමත් සිය විරුද්ධත්වය දක්වා තිබීමත් විශේෂත්වයක්.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවටද හිටපු ජනාධිපතිවරුන් මේ සම්බන්ධයෙන් දැනටමත් කරුණු ඉදිරිපත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ජීවත්වීමේ අපහසුතා සම්බන්ධයෙන් මෙහිදී වැඩි වශයෙන් කරුණු ඉදිරිපත්ව ඇති බව වැඩිදුරටත් සඳහන්.

කාලීන පුවත්