අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් මැතිවරණ කොමිසමෙන් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන සියලු අපේක්ෂකයන් බාරදුන් වත්කම් බැරකම් ප්‍රකාශ වාර්තා සියල්ල අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පැවසීය.

එම වාර්තා සම්බන්ධව ඉදිරි කටයුතු කරනු ලබන්නේ එම කොමිසම විසින් බවද සභාපතිවරයා පැවසීය.

ඉකුත් ජනාධිපතිවරණයට තරග කළ සියලු අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ සියල්ල සිය වෙබ් අඩවියේ පළ කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කළේය.

කාලීන පුවත්