උතුරු පළාතට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේ, ඉදිරි පැය 36 සඳහා වන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කෙරෙයි.

යාපනය, මන්නාරම සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වනු ඇති බව සඳහන්.

කාලීන පුවත්