ආරක්ෂිත බවට සහතික කළ රතුපාට මුද්‍රාව සහිත ලිත්‍රො ගෑස් සිලින්ඩරයක් සවි කරන ලද උදුනක් ද පුපුරා යාමේ සිදුවීමක් වාර්තා වෙයි.මෙය සිදුව ඇත්තේ උඩුනුවර, ඇල්පිටිය ප්‍රදේශයේ දී මිලදී ගන්නා ලද සිලින්ඩරයකිනි.
ගෑස් සිලින්ඩරය පසුගිය පළමු වනදා මිලදී ගත් බව නිවැසියෝ සඳහන් කරති.
ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් වර්තමාන රජය හා අදාළ ආයතන පසුගිය කාලයේ තම වගකීම ඉටු කර නැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. ඔහුට එසේ ප්‍රකාශ කිරීමට සිදුවූයේ ඉකුත් කාලය පුරාමත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායම හේතුවෙනි.
සිලින්ඩරවල ගෑස් සංයුතිය වෙනස් කිරීම මෙයට ආසන්නතම හේතුව වී තිබේ. ඒ ගෑස් සිලින්ඩරයක තිබෙන ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය වෙනස් කිරීම ය.
ප්‍රොපේන් 20%-30% අතර ප්‍රමාණයක ද බියුටේන් 60%-70% ත් අතර සංයුතියක ද පැවැතිය යුතු වුවත් ලිට්රෝ සමාගම එය 50% – 50% ප්‍රතිශතයට ගෙන තිබුණි. ඒත් සමඟම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හා ගෑස් උදුන් පුපුරායාමට පටන් ගත්තේ ය. එම සිලින්ඩර වලින් ගෑස් කාන්දුවීම මත එම පුපුරා යාම් සිදුව තිබේ.
එයින් නැඟුණු මහජන කැළඹීමත් සමඟ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ද මේ ගැන සොයා බලන්නට පටන් ගත්තේය. ගෑස් හා ඊට අදාළව භාවිතා වන උපාංගවල ප්‍රමිතිය සම්බන්ධයෙන් 1960 ගණන්වල සිටම කිසිදු නියාමනයක් සිදුව නැත. එම නිසා කිසිදු ප්‍රමිතියකින් තොරව ගෑස් වෙළෙද පොලට නිකුත් ව තිබේ. නමුත් වර්තමානය දක්වා මෙලෙස අනතුරු සිදු නොවුණේ රටට අවශ්‍ය සංයුතිය ගෑස්වල පැවැති නිසා ය.
එය එසේ වුව ද වර්තමාන රජය බලයට පත්වූ පසු ගෑස් සංයුතියේ වෙනසක් සිදු කරන්නේ ලාබ අපේක්ෂාවෙනි. එම සංයුතිමය වෙනස කරන්නේ ද රජයට අයත් ලිට්රෝ ගෑස් සමාගමේ පලන අධිකාරිය විසිනි.
ගෑස් ටැංකි ආශ්රිත පුපුරා යාම් වාර්තා වන්නේ ඉකුත් නොවැම්බර් 29 වනදා සිට ය. එදින සිට ඉකුත් 06 දා අතර කාලය තුළ ගෘහස්ථ ගෑස් ආශ්රිත පිපිරීම් 477 ක් වාර්තා වී තිබේ. ගෑස් පිපිරීම් හේතුවෙන් මරණ දෙකක් මේ වන විට වාර්තා වී ඇත. එසේ වුවද එම මරණ දෙකම ගෑස් පිපිරිම් නිසා වූ මරණ නොවන බවට ආණ්ඩුව හා පොලිසිය ප්‍රකාශ කරයි.
ජනතාවට සිය ජිවිතවලින් වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ආණ්ඩුවේ බලධාරීන්ගේ පිළිවෙලක් නැති වැඩකටයුතු නිසාවෙනි. ගෑස්වල මෙන්ම ආණ්ඩුවේ ද ප්‍රමිතියක් නැති බව පෙනී යන්නේ ඔවුන් කරන කිසිදු වැඩක් ගැන ජනතා විශ්වාසයක් නොමැති වීම හේතුවෙනි.
ජනතාව මේ වන විට ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිටිනුයේ ඉච්ඡාභංගත්වයෙනි.ආණ්ඩුව තමන් සතු බොහෝ වගකීම වලින් “කර හැර” හිඳින බව ජනතාව කියති.ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් තත්වය ද එලෙසම ය.
පාරිභෝගික රාජ්‍ය අමාත්‍ය වරයා ඉකුත් දා ප්‍රකාශ කරනු ලැබූවේ මෙරටට ආනයනය කළ ගෑස්වල තිබිය යුතු ගන්ධය නොමැතිවීම නිසා එම ගෑස් නැව හරවා යැවූ බවකි.
ගෑස් හි තිබිය යුතු ප්‍රධානම ප්‍රමිතිය වන්නේ එහි ගන්ධයය. දැඩි ගන්ධයක් ගෑස්වලට ඇතුළත් කරන්නේම එහි යම් කාන්දුවක් වුවහොත් එය හඳුනා ගැනීම උදෙසා ය.
එසේම නොවැම්බර් මුල් සතියේ සිට වෙළෙද පොලට නිකුත් කර තිබෙන ගෑස් සිලින්ඩර වහාම ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය දැනුම් දුන්න ද තවමත් අලෙවිසැල් හි පැරණි ගෑස් සිලින්ඩර තිබෙනු දැකිය හැකිය.
නව ගෑස් සිලින්ඩර නිකුත් කිරීමේදි ඊට අදාළ ස්ටිකරයක් ද පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබේ. රතු පැහැයෙන් යුතු එම ස්ටිකරය සහිත ගෑස් සිලින්ඩර ලබා ගන්නා ලෙස පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම පැරණි සිලින්ඩර භාවිතා කරන්නේ නම් ප්‍රවේසමෙන් භාවිතා කරනා ලෙස ද ඔවුන් ඉල්ලා සිටියි.නමුදු දැන් ඒම රතු ලේබල් ගෑස් ද ආරක්ෂිත නොවන බව පෙනෙයි.ඒ අනුව දැන් අපට කීමට ඇත්තේ “පුපුරන හැටි ලිපා දනී” කියා ය.
එයින් වැඩිදුරටත් කියැවෙන්නේ ගෘහණියන්ට පිපුරුම් ආරක්ෂණ උපකරණ පැළැඳ මුළුතැන්ගෙට යාම යුතු බවය. ලිට්රෝ ගෑස් සිලින්ඩර මේ වන විට හඳුන්වන්නේ ගෘහස්ථ බෝම්බ ලෙසය.
එනම් කොයි මොහොතේ පුපුරා යැවිදැයි කිසිවෙකු නොදන්නා නිසා ය.ජාතික ආරක්ෂාව ගැන මහත් උජාරුවෙන් කතා කරන ආණ්ඩුව ගෘහස්ථ ආරාක්ෂාව සැළසීම සම්බන්ධයෙන් මෙලෙස පසුගාමී වීම බාහිරව බලන කෙනකුට පෙනෙනුයේ සරදමක් ලෙසිනි.
එක පසෙකින් ලාෆ් ගෑස් සිලින්ඩර වෙළෙද පොලේ නොමැත. අනෙක් පසින් තිබෙන ගෑස් සිලින්ඩරය කොයි මොහොතේ පුපුරා යාවිදැයි සැකයෙන් සිටීමට සිදුව ඇත. ගෑස් පිපුරුම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව තවමත් භාරදී නොමැත.
එසේ වුව ද ඔවුන් නිකුත් කළ මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ ප්‍රමිතියෙන් යුතු ගෑස් උදුන් සහ උපාංග භාවිතා වී නොමැති බව ය. එම නිසා ප්‍රමිති ආයතනය සහතික කරන ගෑස් උදුන් සහ උපාංග භාවිතා කරන ලෙස ද ඔවුහු මහජනතාවගෙන් ඉල්ලා සිටිති.ඒ අනුව ඔවුන් අනියමින් කියා ඇත්තේ මෙම පිපිරීම් වලට හේතුව ගෑස් උදුන් හා උපාංග වල ප්‍රමිතිය මිස ගෑස් සංයුතිය වෙනස් කිරීම නොවන බවය.
මෙම ගෑස් පිපිරීම් හේතුවෙන් නිවාස පවා විනාශ වූ පිරිස් සිටිති. ඔවුන් මිලදී ගත් ගෑස් උදුන් ද පිපිරී ගොස් තිබේ.ඒත් ප්‍රමිති සහතික සහිත ගෑස් උදුන් සහ උපාංග ඇත්තේ කොහි දැයි අපි නොදනිමු.
මේ සියල්ල වූයේ ජනතාවගේ වරදින් නොවේ. ඔවුන් මිලදී ගන්නේ වෙළෙද පොලේ තිබෙන භාණ්ඩ ය. එහි ප්‍රමිතිය සොයා බැලිය යුත්තේ පාරිභෝගික අධිකාරිය හා ප්‍රමිති ආයතනය ය. නමුත් අවසානයේ වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ජනතාවට ය.
විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මේ ගැන සොයා බලන ලෙස ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ. තවත් පිරිසක් අදාළ සමාගමෙන් වන්දි ඉල්ලා නඩු පවරා තිබේ.
අප රටේ පවත්නා නීති අනුවජනතාවට වූ අලාභයට සමාගම වන්දි ගෙවිය යුතුමය.නමුත් අද දක්වාම එහි ක්‍රියාත්මක භාවයක් දැකිය නොහැක.
ඒ අනුව අපට නැවත වරක් කීමට ඇත්තේ ද “පුපුරන හැටි ලිපා දනී” කියා පමණි.
ලසන්ත වීරකුලසූරිය