ජල සැපයුම ගැන විශේෂ දැනුම්දීමක්

ජල සැපයුම් නල මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්තික්කයේ ප්‍රදේශ කිහිපයට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි.

උස ස්ථානවල ජලය සැපයුමට බාධා එල්ලවෙතැයි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසීය.

මෙහි අලුත්වැඩියා කටයුතු සිදුකෙරෙන බවත් ජල සැපයුම හෙට දහවල් 12ට පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකිවෙතැයි සඳහන් ය.

එබැවින් ජලය අරපරිස්සමින් පාවිච්චි කරන ලෙස පාරිභෝගිකයින්ට දැනුම්දෙයි.

කාලීන පුවත්