ශ්‍රී ලංකාවට කඩුලු 05ක විශිෂ්ට ජයක්

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පන්දුවාර 36ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 189ක්.

ලකුණු 190ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කරනලදි.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමටයි සමත් විය.

කාලීන පුවත්