පාරිභෝගික අධිකාරිය පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂා කරයි

පොළොන්නරුව ආශ්‍රිත ඇති මහා පරිමාන සහල් මෝල් සහ අනෙකුත් සහල් මෝල්වල පවතින තොග සංචිත පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අද (27) පරික්ෂාවට ලක් කොට ඒවායේ සහල් නිෂ්පාදන ක්‍රියාවලිය ද පරීක්ෂාවට ලක් කොට තිබේ.එසේම මේ වන විට වී ගබඩාවල ඇති තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දී ඇත.ඒ අනුව පොළොන්නරුව, මින්නේරිය, ඇතුමල්පිටිය සහ වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ පිහිටි වී ගබඩාවල තොග මෙන්ම සහල් තොග පිළිබදව දත්ත ලබා ගැනීම පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් මේ වන විට ආරම්භ කර තිබේ.

කාලීන පුවත්