ආරක්‍ෂක ලේකම් සිය පළමු යුද හමුදා මූලස්ථාන සංචාරයට එක්වෙයි

ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුද හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමෙන් පසු ඒ මහතා යුද හමුදා මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාව මෙයයි.ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පිළිගැනීම වෙනුවෙන් සම්මාන මුරයක් පිරිනැමුණි.

අනතුරුවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක ලේකම්වරයා පිළිගනු ලැබුවේ.ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා සුහද සාකච්ඡාවක ද නිරත වුණි.

ජාතික ආරක්ෂාව ප්‍රමුඛ කර ගනිමින් රටේ සංවර්ධන ක්‍රියාවලියට යුද හමුදාව දක්වන දායකත්වය ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අගය කරනලදි.

 

කාලීන පුවත්