රටක ප්රජාතන්ත්රවාදය නංවාලීම සඳහා පාර්ලිමේන්තුව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ලබයි. නමුත් ජනප්‍රිය මතය සහ සෑම කෙනෙකුම සිතා සිටිනා ආකාරය වන්නේ ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කිරීම පාර්ලිමේන්තුවට හෝ දේශපාලනඥයන්ට හෝ දේශපාලන පක්ෂයකට පමණක් සීමා වූ තත්වයක් ලෙසිනි. එනිසා පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනා වෙනස් වූ පසු, රජය පෙරළුනු පසු සියලු ගැටලු අර්බුද විසඳෙනු ඇතැයි මහජනතාවගෙන් වැඩිදෙනෙක් අපේක්ෂා කරති. එසේ නැතහොත් දියසේන කුමාරයා පහළ වී සියල්ල නිවැරදි කරාවි යනුවෙන් බලා සිටින පිරිසකුත් වේ.
නමුත් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීම සඳහා එවැනි මැජික් බුලට් නොමැත. ලොව ඉහළම ප්රජාතන්ත්රවාදී රාමූන් තුළ ස්ථාපිත රටවල් එවැනි තත්ත්වයකට පත්වූයේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ මතිනි. මෙහි අරමුණ වන්නේ අපේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමෙහිලා අපට වැරදුණු සහ මගහැරුණු තැන් පිළිබඳව සාකච්ඡා කිරීම ය. පුරවැසියන් ලෙස එය අප සෑම දෙනාම දැනුවත් විය යුතු දෙයකි.
ඒ පිළිබඳව කතා කිරීමට පෙර ලෝකයේ ප්රජාතන්ත්රවාදී රාමුව ස්ථාපිත වී ඇති ආකාරය කෙටියෙන් හෝ දැක්වීම වැදගත් යැයි සිතමි. ඒ සඳහා මා ප්‍රධාන මූලාශ්‍රය තෝරා ගත්තේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ ගෝලීය දර්ශක (Global states of democracy indices ) නැමැති ප්‍රතිපත්ති රාමුව යි. මෙම ප්‍රතිපත්ති රාමුව ස්ථාපනය කර තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ වැදගත් ක්ෂේත්‍ර 29 ක් එකට එකතු කිරීමෙනි. මේ 29 ප්‍රධාන කරුණු 5 ක් යටතේ බෙදා ඇත.
ඒ මෙලෙසිනි.
1. ජනතා නියෝජනයක් ඇති රජයක් වීම
පිරිසිදු මැතිවරණ, නිදහස් දේශපාලන ව්‍යාපාර වැනි අංග ඊට ඇතුළත් වේ.
2. මූලික අයිතිවාසිකම්
සමාජීය අයිතිවාසිකම් සහ සමානාත්මතාව යන කරුණු මීට ඇතුළත් ය.
3. රාජ්‍ය ප්‍රතිපත්ති
පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සහ අධිකරණ නිදහස
4. අපක්ෂපාතී පරිපාලනය
දූෂණ වංචා පිළිබඳ වැඩි අවධානයක් දැක්වේ.
5. රාජ්‍යකරණය සඳහා සමාජයීය සහභාගිත්වය
එහිදී විශේෂයෙන් ම දක්වා තිබෙන්නේ එදිනෙදා පරිපාලන කටයුතු සඳහා සිවිල් සංවිධාන සහ සමාජයේ සහභාගිත්වය යි.
මෙම රාමුවේ සිට මෙකී ගෝලීය දර්ශකය සකස් කෙරෙන අතර 1975 වසරේ සිට සෑම වසරකට වරක්ම අධ්‍යයනයක් කර එම ආයතනය මගින් එහි ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවේ. ඒ අනුව ඔවුන් මෑතකදීම නිකුත් කළ වාර්තාව සැලකිල්ලට ගතහොත් විශේෂයෙන්ම එහි සඳහන් කර තිබෙන දෙයක් වන්නේ 2020 සහ 2021 වසරවල ලොව පුරාම ප්රජාතන්ත්රවාදය පිළිබඳ නිර්ණායකයන්හි පහළ යාමක් දක්නට ලැබෙන බවයි. මෙහිදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කරනු ලබන්නේ කෝවිඩ් වසංගතය සහ ඒ හා සම්බන්ධ වූ ආර්ථිකමය කරුණු ය.
මෙම වාර්තාවේ දැක්වෙන අන්දමට මේ වන විට ලෝක ජනගහනයෙන් 6.4% ක් පමණ සම්පූර්ණ ප්රජාතන්ත්රවාදය භුක්ති විඳිති. 39.3% ක් යම්තාක් දුරකට ප්රජාතන්ත්රවාදය දුක් විඳින බව එම වාර්තාව දක්වයි. ඒ අනුව ප්රජාතන්ත්රවාදය භුක්ති විඳින මුළු ප්‍රමාණය පිළිබඳව සැලකුවහොත් එය 45.7% ක් වේ. මේ 2021 වසරේ පැවති තත්ත්වයයි. නමුත් ඊට පෙර වසරේ, එනම් 2020 දී මේ 45.7% ප්‍රමාණය 50% ක අගයක් ගෙන තිබිණි. ඒ අනුව කුමන හෝ හේතුවක් මත ප්රජාතන්ත්රවාදය එන්න එන්නම දියවී යමින් පවතින බව පැහැදිලි ය. මෙම දියවී යාමේ තත්ත්වය තවදුරටත් වැඩි විය හැකි බවට එම වාර්තාව අනතුරු හඟවා තිබේ.
2021 වාර්තාවට අනුව ලෝක ප්රජාතන්ත්රවාදය ඉහළින් ම පවතින රටවල් 10 මෙසේය.
1. නෝර්වේ
2. නවසීලන්තය
3. ෆින්ලන්තය
4. ස්වීඩනය
5. අයිස්ලන්තය
6. ඩෙන්මාර්කය
7. අයර්ලන්තය
8. තායිවානය
9. ඕස්ට්‍රේලියාව සහ ස්විට්සර්ලන්තය
10. නෙදර්ලන්තය
ප්රජාතන්ත්රවාදයෙන් බැහැරව අයහපත් තත්ත්වයක් නිර්මාණය වී ඇති රටවල් ද අංක 10 දක්වා අනුපිළිවෙළක් මෙම වාර්තාවෙහි දක්වා ඇත. ඉතා අයහපත් තත්ත්වයෙන් පටන්ගෙන පිළිවෙළින් දක්වා ඇති එම රටවල් 10 මෙසේය.
1. ඇෆ්ගනිස්තානය
2. මියන්මාරය
3. උතුරු කොරියාව
4. කොංගෝව
5. මධ්‍යම අප්‍රිකාව
6. සිරියාව
7. ටර්ක්මෙනිස්තානය ( Turkmenistan)
8. චාද් (Chad)
9. ලාඕසය
10. ඉක්වරියල් ගයිනියා (Equrial Guinea)
ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයක ද යන ගැටලුව ඔබ තුළ ඇති වනු නොඅනුමාන ය. එම වාර්තාව දක්වන අන්දමට ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී රාජ්‍ය අතර 67 වන ස්ථානයේ සිටී. මෙය එක්තරා ආකාරයකින් සතුටට කරුණක් වන්නේ සිංගප්පූරුව සිටින්නේ අපට වඩා එක් අංකයකින් පමණක් ඉහළින් වීමයි. එනම් 66 වන ස්ථානයේය.
මෙහි දී ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයක ද යන ගැටලුව ඔබ තුළ ඇති වනු නොඅනුමාන ය. එම වාර්තාව දක්වන අන්දමට ශ්‍රී ලංකාව ප්රජාතන්ත්රවාදී රාජ්‍ය අතර 67 වන ස්ථානයේ සිටී. මෙය එක්තරා ආකාරයකින් සතුටට කරුණක් වන්නේ සිංගප්පූරුව සිටින්නේ අපට වඩා එක් අංකයකින් පමණක් ඉහළින් වීමයි. එනම් 66 වන ස්ථානයේය.
ප්රජාතන්ත්රවාදී රාජ්‍ය අතරින් අපේ අසල්වැසි ඉන්දියාව සිටින්නේ 46 වෙනි ස්ථානයේ ය. 75 වෙනි ස්ථානය හිමිකර ගනිමින් බංග්ලාදේශය සිටින්නේ අපට ද වඩා පහළිනි.
කෙසේ වුවද ඉන්දියාව සමග සසඳන විට ශ්‍රී ලංකාව සිටින්නේ බොහෝ පහළ මට්ටමක ය. ඒ අනුව අප යා යුතු දුර තව බොහෝ ය. ප්‍රඡාතන්ත්‍රවාදය මැනවින් ස්ථාපිත කර තිබෙන රටවල් එම තත්වයට පැමිණ තිබෙන්නේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ මතිනි. එබඳු වැඩපිළිවෙළක් ස්ථාපිත කරන තාක් කල් අපේ රටවල කොපමණ ආණ්ඩු පෙරළීම් සිදු කළත්, දියසේන කුමාරයකු පහළ වුවත් ප්රජාතන්ත්රවාදී ලක්ෂණ ඇතිවේ යැයි සිතීම අසීරු ය.
මේ සඳහා බොහෝ රටවල්වලට මගහැරුණු එක් ප්‍රධාන පැතිකඩක් තිබේ. ඇමරිකානු ලේඛක ටෙරී විලියම්ස් (Terry Williams ) මෙය ඉතා අපූරුවට පැහැදිලි කර ඇත. ඔහු දක්වන පරිදි
” ප්රජාතන්ත්රවාදයේ මහගෙදර මිනිසාගේ හදවතයි.”
මෙහි ඉතා ගැඹුරු අර්ථයක් තිබේ . අපේ පවුල් සංස්ථාව දෙස බැලීමෙන්ම මේ පිළිබඳව නිගමනයකට පැමිණිය හැකිය. අප ජීවත්වන සමාජය දෙස බලන කල පවුල් සංස්ථාව තුළ ප්රජාතන්ත්රවාදය කෙසේ පවතින්නේ ද යන්න ගැටලු සහගත තත්වයක් බව බොහෝ අවස්ථාවන්හි දී පෙනී යයි. විශේෂයෙන්ම පවුල් සංස්ථාව තුළ තීරණ ගැනීමේදී බොහෝ විට බිරිඳ හෝ සැමියා ගන්නා ඒකමතික තීරණයක් මත කටයුතු කරන අවස්ථා තිබේ. ඇතැම් විට තරුණ වයසේ සිටින දරුවකුගේ දඩබ්බර තීරණ මත පවුලේ සමහර කටයුතු සිදු විය හැකිය. මෙයින් පැහැදිලි වන්නේ පවුල තුළ තීරණ ගැනීමේදී බොහෝවිට පවුලේ සියලු දෙනාගේම හවුල්කාරිත්වය සලකා නොබලන බව ය. හැම කෙනෙක්ම තම තමන්ට රිසි අයුරින් කටයුතු කරනු විනා ඒ සඳහා වගවීමක් කාගෙන්වත් දක්නට ලැබෙන්නේ නැත. ඒ අනුව සිදුවන්නේ නිවස තුළ උද්ගත වන සියලු වැරදිවල වගකීම එකිනෙකා තුළ දියකර හැරීම ය. අපගේ සමස්ත සමාජයේම පොදු හරස්කඩ මෙයයි. බලයේ පවතින සෑම රජයක්ම හැමවිටම කරන්නේ ද සියලු වැරදිවල වගකීම පෙර රජයන්වලට පැටවීම ය. මෙය ඉතිහාසය පුරාම දක්නට ලැබුණු දෙයකි.
අප දැනට මුහුණ දී හිඳින දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන අතරේ රටවැසියන් ලෙස අපට දිගුකාලීන වැඩපිළිවෙළක ආරම්භයක් තිබිය යුතුය. එය ආරම්භ කළ යුත්තේ තමන්ගේ නිවෙසින්ය. අපේ පවුල නැමැති කුඩාම ඒකකය තුළ සාමකාමී ලෙස එකඟ නොවන කරුණු පිළිබඳ යම් සාකච්ඡාවක් කිරීමේ හැකියාවක් අපට තිබිය යුතුය. ඒ පවුල තුළ පවත්නා ප්රජාතන්ත්රවාදයයි.
පවුල් සංස්ථාව තුළ පවතින ඉහත කී දියකර හැරීමේ ලක්ෂණ මුළු සමාජය පුරාමත් ඒ අයුරින්ම දක්නට ලැබේ. ඒ අනුව පැහැදිලි වන්නේ අපේ රට ප්රජාතන්ත්රවාදය කරා යොමු කරවීමේ දිගුකාලීන වැඩපිළිවෙළ ආරම්භ කළ යුත්තේ අපගේම නිවෙස්වලිනි. එලෙසින් පටන් ගන්නා ප්රජාතන්ත්රවාදී හැසිරීම් රටාව ප්රජාතන්ත්රවාදී පුරවැසියෙකු බිහිකිරීම සඳහා දිගුකාලීනව බලපායි. එවැනි තත්ත්වයක් තුළ ප්රජාතන්ත්රවාදය සමාජයේ සෑම ස්ථරයක ම ඉහළ යාමක් දක්නට ලැබෙනු ඇත. එය පාර්ලිමේන්තුවේ, දේශපාලන පක්ෂවල, වැඩ කරන ආයතන මේ ඕනෑම තැනක සිදු විය හැකි දෙයකි.
අප දැනට මුහුණ දී හිඳින දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයන අතරේ රටවැසියන් ලෙස අපට දිගුකාලීන වැඩපිළිවෙළක ආරම්භයක් තිබිය යුතුය. එය ආරම්භ කළ යුත්තේ තමන්ගේ නිවෙසින්ය. අපේ පවුල නැමැති කුඩාම ඒකකය තුළ සාමකාමී ලෙස එකඟ නොවන කරුණු පිළිබඳ යම් සාකච්ඡාවක් කිරීමේ හැකියාවක් අපට තිබිය යුතුය. ඒ පවුල තුළ පවත්නා ප්රජාතන්ත්රවාදයයි. එනිසා මූලික වශයෙන් අපේ නිවස තුළ ප්රජාතන්ත්රවාදය දියුණු කිරීමට අප කළ යුත්තේ කුමක්ද යන්න ගැන විශේෂයෙන්ම සොයා බැලිය යුතුය . බොහෝ විට අප කරන්නේ අන්‍යයන්ගේ අදහස්වලට වැදගත්කමක් දීම වෙනුවට අපගේ අදහස් අන්‍යයන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ කිරීම ය. පවුල නැමති සමාජ ඒකකය තුළ දකින්නට ලැබෙන මෙම ගැටලු සමාජයේ ඉහළ ස්ථරවල පවා දකින්නට ලැබෙන්නකි.
එනිසා ප්රජාතන්ත්රවාදය නිවසින් පටන් ගත යුතුය. එය මෙවැනි කාලයකදී වඩාත් ගැළපෙන සහ අප විසින් කළ යුතු ක්‍රියාවක් බව අවසන් වශයෙන් සඳහන් කරනු කැමැත්තෙමි. එසේ නොවන්නට කිසිදාකත් ඔබ බලාපොරොත්තු වන විදිහේ ප්රජාතන්ත්රවාදී රටක් නිර්මාණය නොවනු ඇත.
ආචාර්ය සනත් මහවිතානගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශ්වවිද්‍යාලීය සතිමත් බව පුහුණු කිරීමේ හා පර්යේෂණ කිරීමේ ආයතනයේ අධ්යක්ෂ