කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනයට සැකසූ පරීක්ෂණ වාර්තාවක් එළිදක්වයි

කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සැකසූ පරීක්ෂණ වාර්තාවක් එළිදැක්වීම අද සිදුවුණා.

ශ්‍රී ලංකාව බංග්ලාදේශය හා නේපාලයේ කාන්තාවන්ගේ දේශපාලනය ප්‍රවර්ධනය කිරීමයි අරමුණ.

ඒ වෙනුවෙන් කලාපීය ජාලයක් ගොඩනැගීම අභියෝග , ප්‍රගතිය හා සහයෝගීතා උපායමාර්ගික සැලැස්ම මෙම වාර්තාව මගින් ඉස්මතු කෙරෙනවා.

ආරාධිත දේශනය සිදුකළේ ආචාර්ය පාම් රාජ්පුත් මහත්මියයි.

මෙම අවස්ථාවට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක , පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.

කාලීන පුවත්