අද (30) පස්වරු 4.30 සිට දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ රාජකාරියෙන් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පවසයි ඒ අද පස්වරුවේ රැස්වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ විධායක සභාව වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට ගෙන ඇති තීරණය හේතුවෙනි.ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අසාර්ථකවීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් මෙම තීරණය ගෙන තිබේ.මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ඊයේ සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ පැවැති සාකච්ඡා ද අසාර්ථක වූ බවය.