දකුණේ සහ සබරගමුව පළාත්වල රජයේ දෙමළ පාසල්වලට හෙට නිවාඩු

දකුණේ සහ සබරගමුව පළාත්වල රජයේ දෙමළ පාසල්වලට නොවැම්බර් මස 01 වැනිදා නිවාඩු ලබා දී තිබේ.

ඒ, අද දිනට යෙදෙන දීපවාලි උත්සවය නිමිත්තෙන්. ඒ අනුව එම පළාත්වල සියලුම රජයේ දෙමළ පාසල්වලට මෙලෙස නිවාඩු ලබා දී තිබේ.

මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ මාධ්‍ය පාසල්වලටද නොවැම්බර් මස 01 වැනිදා නිවාඩු ලබාදීමට මීට පෙර පියවර ගෙන තිබු අතර ඒ වෙනුවට ලබන මස 09 වැනිදා සෙනසුරාදා පාසල් පැවැත්වෙනු ඇති බව සඳහන්.

කාලීන පුවත්