ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිවරිය අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු තානාපතිනි, Katharina Wieser මහත්මිය, කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී තිබේ .

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව මෙම හමුවේදී අවධාරණය කර තිබෙන බවයි සඳහන් වෙයි.

තානාපතිනිය සහ අගමැතිවරිය අතර පැවති මෙම සාකච්ඡාවෙදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි , අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න සහ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ අධ්‍යක්ෂ චතුර පෙරේරා මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

කාලීන පුවත්