සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට අවධානය

සමාජ සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ වැඩසටහන් ඩිජිටල්කරණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

මේ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විය.සහල් මිල ස්ථාවර කිරීම සහල් හිඟයට දීර්ඝකාලීන විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමුවිය.

අස්වැසුම හා අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබා දෙන සමාජ සුබසාධන වැඩසටහන් ඇතුළු සේවාවන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳ ද සාකච්ඡා කර තිබෙනවා.

නව පාසල්වාරයේදී අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන වැඩසටහන සහ පොහොර සහනාධාරය ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීමට ද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කාලීන පුවත්