ඉපැරණි මහ බලගතු යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පුස්කොළ පොත් සොයා කටුගේ පුස්තකාලයේ සැරිසැරුවෙමි

පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් මගින් අපට කිරීමට තබා සිතීමටවත් නොහැකි හාස්කම්, කළ හැකි බවට මතයක් තවමත් අප සමාජයේ තිබේ. අට වැදෑරුම් වන මේ හාස්කම් ‘අෂ්ඨ කර්ම’ යනුවෙන් හැඳින්වෙයි. රජුන්ගේ සිට සාමාන්‍ය ජනතාවගේ සිත් වසඟ කළ හැකි වශී කර්මය ඉන් පළමුවැන්නයි. දෙවැන්න යමකු හෝ යමක් තමන් වෙතට අද්දවා ගත හැකි ආකර්ශණ කර්මයයි. තුන්වැන්න මෝහන කර්මය ලෙස නම්කොට ඇති අතර යමෙකුගේ සිහි මුලා කරවීමෙන් එය සිදුකරනු ලැබේ. මනුෂ්‍යයන් සේම අමනුෂ්‍යයන් ද බන්ධනවලට ලක්කරන ස්තම්භන කර්මය සිව්වැන්න ලෙස හැඳින්වෙන අතර යකුන් බැඳ වැඩ ගැනීම ද මීට අයත් වෙයි. මෙම අෂ්ඨ කර්මවලින් පස්වැන්න මේ අතරින් වඩාත් ප්‍රසිද්ධ ශාන්ති කර්මයයි. බාහිර බලපැම් නිසා මිනිස් ශරීරය තුළට පිවිසෙන ‘ආගන්තුක’ රෝග ඖෂධ ප්‍රතිකාර මගින් සුවපත් කළ නොහැකි විටෙක රෝගියා මෙම ශාන්තිකර්ම වෙත යොමු කළ යුතු බව පැරණි මතයකි. එමෙන්ම පුද්ගලයන් බිඳවීම හෙවත් කෙටවීම විද්වේශන කර්මය වන අතර එය අෂ්ඨ කර්මවල සයවැන්න සේ සලකනු ලැබේ.අන-වින, හදි-හූනියම් කැපීම, වන අලින් ඇතුළු මෘගයන් පළවා හැරීම මෙම අෂ්ඨ කර්මවල හත්වැන්න හෙවත් උච්චාටන කර්මය ලෙස හැඳින්වෙයි. මේ අතර බිහිසුණුම කර්මය වනුයේ මාරණ කර්මයයි. ඒ ඔස්සේ තමන්ගේ සතුරන්, ඔවුන් සතු දේපළ, ඉඩකඩම්, හරකාබාන ද සමඟ ඔවුන්ගේ පවුල් පිටින් වනසා දැමිය හැකිය.

“දැන් ඕවා කරන මිනිස්සු බොරුකාරයෝ වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු දාස් ගාණක් අපේ රටේ පැවතුණු ඕවා එකපාරටම බොරු කියලා අහක දාන්න එපා.දැන් ඒවයේ බලපුළුවන්කාරකම් පෙන්නන්න පුළුවන් ඇදුරෝ නැති එක විතරයි ප්‍රශ්නේ.”

“දැන් ඕවා කරන මිනිස්සු බොරුකාරයෝ වෙන්න පුළුවන්. හැබැයි අවුරුදු දාස් ගාණක් අපේ රටේ පැවතුණු ඕවා එකපාරටම බොරු කියලා අහක දාන්න එපා.දැන් ඒවයේ බලපුළුවන්කාරකම් පෙන්නන්න පුළුවන් ඇදුරෝ නැති එක විතරයි ප්‍රශ්නේ.”
ඉහත සඳහන් පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පිළිබඳ විවේචනය කළ සැම විටෙකම ඊට එරෙහිව අදහස් පළකළ ඇත්තෝ එසේ කීහ. ඔවුන්ගේ එම අදහස්වල ද කිසියම් තාර්කික පදනමක් තිබූ බැවින් මෙම පැරණි යන්ත්‍ර, මන්ත්‍ර,ගුරුකම්වල සුලමුල සහ සත්‍යතාව විමසා බැලීමේ ආසාවක් මා තුළ පහල විය.
ඒ 1998 වසරේ ය.කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ සංරක්ෂණය කෙරෙන පැරණි අත්ලේඛන පිටපත් අතරේ ඇති පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් පුස්කොළ පිරික්සා ඒවායේ ඇති කරුණු ගොනුකොට ඒවා පිළිබඳව විමසුමක් කිරීම මගේ අරමුණ විය.
එබැවින් මම කොළඹ ජාතික කෞතුකාගාරයට ගොස් එවක අධ්‍යක්ෂ පදවිය හෙබ වූ ආචාර්ය සිරි නිමල් ලක්ද්‍රසිංහයන් හමුවීමි. කෞතුකාගාර පුස්තාකලයේ ඇති පැරණි පුස්කොළ පොත් පරීක්ෂා කිරීමේ අවසරය එසේ ආවාට-ගියාට ලබාගත හැක්කක් නොවේ. නමුදු වෘත්තීය මාධ්‍යවේදියෙකු වන මගේ සැබෑ අවශ්‍යතාව මනාව වටහාගත් ආචාර්ය ලක්දුසිංහයන් ඒ සඳහා මා හට අනුග්‍රහය දක්වන ලද්දේ “හොඳයි එහෙම නම් වැඩේ පටන් ගන්න. මාත් පුළුවන් උදව්වක් කරන්නම්” යනුවෙන් මා ධෛර්යවත් කරමිනි.

මෙම ලේඛකයා ලියූ “භූත දඩයම” ගවේෂණාත්මක කෘතියේ මංගල පිටපත ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් වෙත පිළිගැන්වූ අවස්ථාව.මෙම වැඩ සටහන ඉදිරිපත් කළ ඉතිහාස ගවේෂක ළමා සහ අසාත්මිකතා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා ද ඡායාරූපයේ සිටියි.

මගේ වැඩි අවධානය යොමුවූයේ අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින්ගේ පුදුම පහන වැනි හාස්කම් දැක්විය හැකි අන්දමේ මහා බලගතු යන්ත්‍ර, මන්ත්‍ර සහිත පුස්කොළ පොත් කෙරෙහි ය. ඒ අතුරින් උතුවන්කන්දේ සරදියෙල් සතුව පවා තිබූ බව පැවසෙන මඳක් නළලේ ගල්වා නිරුවත් වූ සැණින් මහ දහවලේ පවා කිසිවෙකුටත් නොපෙනෙන සේ සිටිය හැකි ‘කළුවර අඳුන’ හෙවත් කාල අංජනමක් තනා ගැනීමට අදාළ මන්ත්‍ර සොයා ගැනීම ද මගේ අරමුණ විය. නමුත් මගේ සිත තුළ සියුම් සැකයක් පිබිදුණේ ඒ යන්ත්‍ර මන්ත්‍ර සේම වට්ටෝරු පිරික්සිමේදී ය.

මා අපේක්ෂා කළ අන්දමේ පැරණි යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් සහිත පුස්කොළ පොත් දහස් ගණනක් පුස්තකාලයේ විය. එහෙත්, ඒවායින් මට අවශ්‍ය කරුණු තෝරා බේරා ගැනීම බිම වැටුණු අබ ඇටයක් සොයා ගැනීමටත් වඩා අසීරු බව මට වැටහිණි. එය පැය සිය දහස් ගණනක් වැය කළ යුතු බැරෑරුම් කාරියක් බව ද මට කෙමෙන් වැටහෙන්නට විය.
ගෝනුසු විස, පත්තෑ විස, නයි විස ආදී විෂ ශරීරගතවීම්වල දී භාවිතා කළ යුතු මන්ත්‍රවල සිට රජුන් දැකීමට යාමේදී හිස ගල්වන තැඹිලි තෙල්වලට මැතිරිය යුතු සේම තරුණයන් හට සිහිනයෙන් ධාතු පහ වීම නම් අතිශය ස්වභාවික තත්ත්වය වළකාගත හැකි ‘සිල්ලර මන්ත්‍ර’ සහිත පුස්කොළ පොත් සිය ගණනක් එම පුස්කොළ පොත් එකතුවේ තිබිණි. එහෙත්, මගේ වැඩි අවධානය යොමුවූයේ අරාබි නිසොල්ලාසයේ එන ඇලඩින්ගේ පුදුම පහන වැනි හාස්කම් දැක්විය හැකි අන්දමේ මහා බලගතු යන්ත්‍ර, මන්ත්‍ර සහිත පුස්කොළ පොත් කෙරෙහි ය. ඒ අතුරින් උතුවන්කන්දේ සරදියෙල් සතුව පවා තිබූ බව පැවසෙන මඳක් නළලේ ගල්වා නිරුවත් වූ සැණින් මහ දහවලේ පවා කිසිවෙකුටත් නොපෙනෙන සේ සිටිය හැකි ‘කළුවර අඳුන’ හෙවත් කාල අංජනමක් තනා ගැනීමට අදාළ මන්ත්‍ර සොයා ගැනීම ද මගේ අරමුණ විය. නමුත් මගේ සිත තුළ සියුම් සැකයක් පිබිදුණේ ඒ යන්ත්‍ර මන්ත්‍ර සේම වට්ටෝරු පිරික්සිමේදී ය.

එම බොහෝ මන්ත්‍ර ඉප්පුඩයුම්, ඉරික්කිඩ, නාරායනේ, ඉක්කඩල් වැනි මාලයාලී බසට නෑකම් කියන වදන් සේම අවියත් සිංහල වදන් ද හරිහරියට මුසුවී තිබිණි.
විශේෂයෙන් එම සිංහල වදන් මහනුවර රාජධානී සමයට වඩා පැරණි නොවන බව පැහැදිලිවම සනාථ විය.යමෙකුට පිඹීමෙන් පමණක් මරා දැමිය හැකි බව පැවසෙන ‘අංගම්’ නම් මන්ත්‍ර විශේෂයක් තිබේ. එහෙත්,එම මන්ත්‍රයේ එන මහනුවර යුගයේ වදන් ඉතා පැරණි වශයෙන් දක්වා තිබීම දුටුගැමුණු මහ රජතුමා මර්සිඩීස් බෙන්ස් රථයක් පාවිච්චි කළා වැනි කාල විරෝධී ප්‍රකාශයකි. ‘මුව කල් කදුරු තබාගෙන මතුරනු’ යන අවවාදය ද එම පුස්කොළ පොතට ඇතුළත් කොට තිබිණි. ඊට හේතුව එම මන්ත්‍රය මැතිරීමේ දී මන්ත්‍රකරුට බැරිවීමකින් හෝ කෙළ බිඳක් ගිලුණහොත් මන්ත්‍රයේ බලගතු බව අනුව ඔහු ද එසැණින් මැරී වැටීමට හැකි නිසා එය වැළැක්වීමට මෙම ‘කල් කදුරු’අවවාදය දී ඇති බවයි. එහෙත්, මෙම ‘කල් කදුරු’ යන ශාකය අපගේ ජන වහරින් මිස රටේ හෝ ලෝකයේ කොතැනකින්වත් සොයාගත හැක්කක් නොවේ.
එමෙන්ම ඉතා අසීරු කැපකිරීම් හෙවත් පේවීම් රාශියකින් පසු අව අටවක දිනයෙකට යෙදෙන ජලවක රික්තා දිනයේ නවවන පැයේදී මහ උලම් හඬක් නැගෙන බස්නාහිර දිශාවක් බලා එම මන්ත්‍රය ජප කළ යුතු බව පැවසෙයි. එම පේවීමේ දී මන්ත්‍රකරුට ‘කළු කොහිල කා මතුරනු’ යන උපදෙස ද දී ඇත. නමුදු මේ කළු කොහිල යන්නද කොහිල වළකින්, පොළකින් තබා සුපිරි මාකට් එකකින්වත් සොයාගත හැකි බෝගයක් නම් නොවේ.
“මට පේන්නේ මේ මන්තර ගුරුකම් පුස්කොළ පොත් ඔක්කොම මහ මගෝඩිකාරයන්ගේ වැඩ වගේ. මේවයේ අත් අකුරු, භාෂාව, යෙදුම් වගේ දේවල් වුණත් හරිම පරස්පරයි. ඒ වගේම මේ සමහර ඒවා ලෝකේ මිනිහෙකුට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. කොටින්ම කියනවා නම් මේවා ඔක්කොම කොළේ වහලා ගහපු ගේම් කියලයි මට නම් හිතෙන්නේ.”
මා කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ පැය දෙක තුනක් එක දිගට වෙහෙස වන විට මා කෙරෙහි දයානුකම්පාවෙන් පුස්තකාල කැන්ටිමට කැඳවාගෙන ගොස් හැලපයකින් සහ ප්ලේන්ටියකින් සංග්‍රහ කළ ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ තුමන්ට දිනක් මම කීවෙමි.

“ඒත් ඉතින් ඔය වගේ ගජබින්න ගොඩක් මේ වගේ තැනක සංරක්ෂණය කරන එකත් තේරුමක් නෑ නේද එක අතකට?”
ඒ මොහොතේ මගේ සිතට නැගුණු අදහසක් මම ආචාර්ය ලක්දුසිංහයන් හමුවේ එලෙස අනාවරණය කළෙමි.
“අපොයි එහෙම කියන්න එපා. ඒ කාලෙත් අද වගේම කපටි කෛරාටික මිනිස්සු හිටපු බව තහවුරු කරන්න මොනතරම් වැදගත් වෙන සාක්ෂිද ඕවා.”
හෙතෙම යළි සිනාසෙමින් කීය.

“මහනුවර යුගයේ විශේෂයෙන් ඕලන්ද යටත් විජිතයක් වුණු පහතරට මිනිස්සුන්ගෙත් සාක්ෂරතාව හුඟක් ඉහළ මට්ටමට දියුණු වුණා. ඒ කියන්නේ අතීතයේ භික්ෂූන්ගේ උරුමයක් වුණු පුස්කොළ පොත් ලිවීම ගිහියන් අතට පත් වුණා. ඔය කියන යන්ත්‍ර මන්ත්‍ර පුස්කොළ පොත් වලින් සීයට අනූවක්ම ඒ කාලේ ලියපු ඒවා. මම පෞද්ගලිකව හිතන විදිහට ඒ කාලේ ඔය වගේ එක එක හාස්කම් කරන්න පුළුවන් මන්තර ගුරුකම් තියනවාය කියන පුස්කොළ පොත් ලියපු ඒ මිනිස්සු ඒවා කන්ද උඩරට සබරගමුවේ රදළ පවුල්වලට බර ගණන්වලට විකුණලා සල්ලි ගත්තා. ඒවා උඩින් පල්ලෙන් බලපු ඒ රදළයොත් ඒවා අරන් පරිස්සම් කරලා තියාගත්තා මිසක් ඒවයේ තියෙන ඔය වගේ සූක්ෂම මගෝඩිකම් ගැන හොයන්න ගියේ නැහැ. ලෙස්ටර් මහත්තයා චිත්‍රපටියකට නඟපු, ජී.බී. සේනානායක මහත්තයා ලියපු ‘නිධානය’ කියන කෙටිකතාවට පදනම් වෙලා තියෙන්නෙත් ඒ වගේ පුස්කොළ පොතක තිබුණු ගජබින්නයක් විශ්වාස කරලා, තමන් හුඟක් ආදරේ කරපු බිරිඳව මරාගත්තු රදළයෙක් ගැනනේ. ඒ වගේ පුස්කොළ පොත් තමයි අපි ළඟ තියෙන්නේ.”
ආචාර්ය ලක්දුසිංහ සිනාසෙමින් කීය.
“ඒත් ඉතින් ඔය වගේ ගජබින්න ගොඩක් මේ වගේ තැනක සංරක්ෂණය කරන එකත් තේරුමක් නෑ නේද එක අතකට?”
ඒ මොහොතේ මගේ සිතට නැගුණු අදහසක් මම ආචාර්ය ලක්දුසිංහයන් හමුවේ එලෙස අනාවරණය කළෙමි.
“අපොයි එහෙම කියන්න එපා. ඒ කාලෙත් අද වගේම කපටි කෛරාටික මිනිස්සු හිටපු බව තහවුරු කරන්න මොනතරම් වැදගත් වෙන සාක්ෂිද ඕවා.”
හෙතෙම යළි සිනාසෙමින් කීය.

තිලක් සේනාසිංහ

ඉරා අදුරුපට