ඊශ්රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවධාරණය කරයි. ඊශ්රායලයේ රැකියා ලබාදෙන බව පවසා වංචනිකව මුදල් ලබා ගන්නා පිරිසක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ විශේෂ විමර්ෂණ අංශය ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ද සඳහන්. මේ අතර ඊශ්රායල සාත්තු සේවා රැකියා හිමිවු 139 වන කණ්ඩායමට ගුවන් ටිකට් පත් ලබාදීම ඊයේ සිදුකෙරුණි.
මේ වසර තුළ මෙතෙක් ඊශ්රායලයේ සාත්තු සේවා වෘත්තිකයන් ලෙස 929 දෙනෙකු පිටත්ව ගොස් තිබෙන බවයි කාර්යාංශය තවදුරටත් සඳහන් කරයි.