වී මෝල් ලියාපදිංචි කිරීමට සැලසුම්

මහා පරිමාණ වී මෝල් හිමියාගේ සිට කුඩා පරිමාණ වී මෝල් හිමියා දක්වා සියලු දෙනාම ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර, එලෙස ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ට වී තොග රැස් කිරීමට නොහැකි පරිදි වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය සැලසුම් කර ඇත.

ලියාපදිංචි නොවන වී මෝල් හිමියන්ගෙන් දඩ මුදලක් අය කිරීම සම්බන්ධවද රජයේ අවධානය යොමුවී ඇත. වී මෝල් හිමියන් සියලු දෙනාම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හෝ වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි කරවීමට නියමිතය.

සැම වී මෝල් හිමියකුම සති දෙකකට වරක් තමන් සතු වී ප්‍රමාණය සහ නිෂ්පාදනය කර වෙළෙඳපොළට මුදාහරින සහල් තොගය කොපමණදැයි සෑම සති දෙකකට වරක් ස්වේච්ඡාවෙන් තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කරවීමටද නියමිත බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ සභාපති මහාචාර්ය ඒ.එල්. සන්දික පැවසීය.

කාලීන පුවත්