ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්රී ලංකාව ජයගැනීමත් සමග සමස්ත තරගාවලියේ ජය ශ්රි ලංකාවට හිමිවී තිබේ.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 45 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 209 ක් ලබා ගත්තේය.
ඒ අනුව ශ්රී ලංකාවට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 210ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් පන්දුවාර 46ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 210ක් රැස් කළේය.
පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 28 ක්, ජනිත් ලියනගේ ලකුණු 22 ක් හා නොදැවී පන්දුවට පහරදුන් කුසල් මෙන්ඩිස් ලකුණු 74 ක් හා මහීෂ් තීක්ෂණ ලකුණු 27 ලබා ගත්තේය.
ශ්රී ලංකාව නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් හිමිකර ගැනීමට සමත් වුණේ වසර 12කට පසුවයි.