නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට පමණක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන්ට මෙලෙස විපක්ෂය පාර්ශ්වයේ අසුන් පැනවීමට සිදුවන බව ද ඒ මහතා පැවැසීය. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මහජන නියෝජිතයින් 159ක් සිටින බැවින් මෙලෙස විපක්ෂය පාර්ශ්වයේ අසුන් ගැනීමට සිදුවන බව ද හෙතෙම පැවැසීය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, සභානායකවරයා, ආණ්ඩුවේ අමාත්‍ය ධුර දරන මහජන නියෝජිතයින් ආදීන්ට ඉදිරිපෙළ ආසන පැනවීම සාම්ප්‍රදායිකව සිදුවන අතර අනෙකුත් මහජන නියෝජිතයින්ට ජ්‍යෙෂ්ඨත්වය ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරමින් ආසන පැනවීම සිදුවේ.
පාර්ලිමේන්තුව 21 වනදා රැස්වුවද එදින වනවිට ආසන පැනවීම සිදු නොකරන බැවින් එදින කැමැති පරිදි අසුන්ගත හැකි වේ. ඉන් පසුව දෙසැම්බර් 03 වනදා පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත බැවින් එම දිනය වනවිට ආසන පැනවීම සිදුකිරීමට අපේක්ෂා කරන බව ද කුෂාන් ජයරත්න මහතා පැවැසීය.