දින 7කට පසු පස්සර – බිබිල මාර්ගය යළි විවෘත කෙරේ

පස්සර – බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර – බිබිල මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද (24) යළි විවෘත කර තිබේ.

එම මාර්ගය දහවල් කාලයේ රථවාහන ධාවනය සඳහා විවෘත කළද දිනපතා එය පස්වරු 6 සිට උදෑසන 6.30 තෙක් වසා තැබෙන බවයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය සඳහන් කරයි.

පසුගිය 11 වනදා අලුයම අදාල මාර්ගයට පස් කන්ද කඩා වැටීම හේතුවෙන් පස්සර, බිබිල සහ මොනරාගල ප්‍රදේශවල රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබුණි.

කාලීන පුවත්