පවතින අයහපත් කාලගුණය හමුවේ තාවකාලිකව අත්හිටුවා ඇති උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය ගැන තීරණය එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා පවසයි.
29 වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍ය කරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි එහිදී ඔහු පැවසුවේ.