වේයන්ගොඩ වදුරව පුරාණ රජ මහා විහාරය අප රටේ බොහෝ දෙනකු ගේ අවධානයට ලක් වූ පුදබිමක් නොවේ.එහෙත්, එය දෙතිස් ඵල බෝධීන් ගෙන් එකක් ස්ථාපනය කරන ලද ඓතිහාසික පුද බිමක් බව බෝධි වංශ මූලාශ්‍ර වලින් තහවුරු වේ.තත්වය එසේ වුව ද එම පුදබිම ආසන්නයේ ඇති වගුරු බිමේ කිසියම් අතීත නරපතියකු විසින් සඟවන ලද රුපියල් බිලියන ට්‍රිලියන ගණනක් වටිනා ධන නිධානයක් ඇති බවට මතයක් දැන් කලෙක සිට එම ප්‍රදේශය පුරා පැතිර ගොස් තිබේ.පසුගිය කාලයේ අප රටේ මධ්‍යම අධිවේගී මාර්ගය එම පරිශ්‍රය හරහා සැලසුම් වීමත් සමඟ එම නිදන් කතාව නව උද්දීපනයකට ලක් විය.ඒ එම අධිවේගී මාර්ග නිර්මාණ කරුවන් එය එම පරිශ්‍රය හරහා සැලසුම් කරන ලද්දේ එම නිධානය ලබා ගැනීමේ ද කූට චේතනාවෙන් ය යන ප්‍රවාදය ද ජන ගත කරමිනි.ඒ අනුව ඊට පෙර මෙම නිධානය හිමි කර ගැනීම පිණිස විවිධ පුද්ගලයන් එහි අනවසර කැනීම් සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් භික්ෂුවක් ඇතුළු 09 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ එම කැණීම් කටයුතු 21 වන දා පෙරවරුවේ ආරම්භ වීමත් සමඟ ඒ සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වූයේ ඒ පිළිබඳ තවත් ප්‍රවාද රැසක් ජන ගත කරමිනි.එම ප්‍රවාද සියල්ලටම පදනම් වී තිබුණේ එම වර්ෂාව මේ වන විට දිවයිනට බලපා ඇති බෙංගල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය නිසා නොව එම නිධානය ගැනීම වලකා ලනු පිණිස ඊට අරක් ගත් බහිරවයා විසින් ඇති කරවන ලද්දක් නිසා හට ගත් එකක් ය යන්න ය.
කෙසේ වෙතත් අවස්ථා කිහිපයක දී පොලිස් අත්අඩංගුවට ගැනුණු පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ අනවසර කැනීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටස සම්බන්ධ අවදානම් තත්ත්වයක් මතු ව තිබේ.ඒ අනුව වේයන්ගොඩ පොලීසියේ කරුණු දැක්වීමක් මත මංජුල කරුණාරත්න අත්තනගල්ල මහේස්ත්‍රාත් වරයා දුන් නියෝගයකට අනුව පසුගිය 21 වන දා සිට පුරා දින 3ක් එම පරිශ්‍රය ආශ්රිත සිදු කෙරුණු භූමි අභ්‍යන්තර පරීක්ෂාවක් පසුගිය 23 වන දා පස්වරුවේ නිමාවට පත් ව තිබේ. ඒ එම පරිශ්‍රය තුළින් කිසිදු විශේෂිත යමක් හමු නොවීමත් සමඟිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ එම කැණීම් කටයුතු 21 වන දා පෙරවරුවේ ආරම්භ වීමත් සමඟ ඒ සඳහා වර්ෂාවෙන් බාධා එල්ල වූයේ ඒ පිළිබඳ තවත් ප්‍රවාද රැසක් ජන ගත කරමිනි.එම ප්‍රවාද සියල්ලටම පදනම් වී තිබුණේ එම වර්ෂාව මේ වන විට දිවයිනට බලපා ඇති බෙංගල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය නිසා නොව එම නිධානය ගැනීම වලකා ලනු පිණිස ඊට අරක් ගත් බහිරවයා විසින් ඇති කරවන ලද්දක් නිසා හට ගත් එකක් ය යන්න ය.එම වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා පළමු දිනයේ කැණීම් වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවන දිනය වූ 22 වන දා බැකෝ යන්ත්‍ර යොදා කළ එම කැණීම්වල දී භූ අභ්‍යන්තරයෙන් විශාල ප්‍රමාණයේ කලු ගලක් මතු විය. එම ගල ඉවත් කිරීම සඳහා එදින දහවල් දොඹකරයක් ද රැගෙන ආ නමුත් එය සෙලවීමට වත් ශක්තියක් එය සතු නොවිණි. ඒ අතර එම මහා ධන නිධානය සඟවා ඇති නිදන් ගල මතුව ඇතැයි ද එය ඉවත් කළ සැනින් එහි රැස්ව සිටින සැමට එම නිධානය දක්නට ලැබෙනු ඇතැයි ද ප්‍රදේශය පුරා ආරංචි පැතිරුණි.
එමෙන්ම එම ගල මත දී බහිරවයාට බිල්ලක් පුද දුන් සැනින් ඔහු එම නිධානයේ ගල් දොර විවර කරන බවට මුනු මුනුවක් ද ප්‍රදේශය පුරා පැතිර යන්නට විය.ඒ අනුව අරාබි නිසොල්ලාසය සිහි ගන්වන එම ආශ්චර්යමත් සිදුවීම දැක බලා ගැනීම පිණිස පසුගිය 22 වන දා වදුරව උප දුම්රිය පළ වෙත දුම්රියෙන් පැමිණි පිරිස් වල පවා ඉහළ යාමක් දක්නට ලැබුණු බව පැවසෙයි. එහෙත්, එම කැණීම් කටයුතු සඳහා අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින දෙකක් පමණකි.එබැවින් යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් එනම් 23 දා තෙක් කල් ගැනීමට වේයන්ගොඩ පොලීසියට සිදුවිය.ඒ අනුව එම ගල ඉවත් කිරීමේ කටයුතු එදින පෙරවරු 9ට ආරම්භ කෙරුණු මුත් විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් විසින් පියවර ගන්නා ලදී.අනතුරුව එම ගල් කැබලි මහජනතාව ඉදිරියේම කුඩු කරනු ලැබීය.නමුදු නිධානයක් හෝ පුරා විද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව එදින පස්වරු 4ට කැණීම් කටයුතු නිමා කරන ලදී.එදින පස්වරුව ඇරඹීමත් සමඟ අඩි විස්සක් පමණ ගැඹුරැති කැනීම් වලෙන් ගල් කැබලි ගොඩ ගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය පරිලෝකන හෙවත් ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ මුත් එම ස්ථානයෙන් කිසිදු දෙයක් සම්බන්ධයෙන් එම යන්ත්‍රය මගින් පෙන්වා නොදීම ද විශේෂත්වයකි.
පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර කරන ලද ස්කෑන් පරීක්ෂාවට හසු වන්නට ඇත්තේ ජන මනැස තුළ නිදන් ව ඇතිකල්පිත නිධානය නොව එම කළුගල බව ද මේ වන විට සනාථ වී තිබේ.
ගොඩ ගෙන තිබූ දැවැන්ත කළුගල් කුට්ටි පැය තුනක පමණ කාලයක් තිස්සේ එලෙස කුඩා කැබලි බවට කඩා පරීක්ෂාවට ලක් කරනු ලැබූ අතර ඒවා තුළ ද රන්,රිදී,මුතු මැණික් ආදී කිසිවක් අනාවරණය වූයේ නැත.මේ අතර පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්වරයා ද ප්‍රකාශ කළේ අදාළ ස්ථානයේ කිසිදු පුරාවිද්‍යාත්මක වටිනා දෙයක් එහි නොමැති බවට වාර්තා වී ඇති බවකි.ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර කරන ලද ස්කෑන් පරීක්ෂාවට හසු වන්නට ඇත්තේ ජන මනැස තුළ නිදන් ව ඇතිකල්පිත නිධානය නොව එම කළුගල බව ද මේ වන විට සනාථ වී තිබේ.පුරා දින තුනක් තිස්සේ කැණීම් කළ ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කරනු ලැබ ලැබුවත් කිසිදු ආගන්තුක වස්තුවක් සොයා ගැනීමට නොහැකි වීමත් එම ගල් කැබලි ගොඩ ගෙන අවසන් වීමෙන් පසු කැණීම් කළ ස්ථානය ස්කෑන් පරීක්ෂාවකට ලක් කළ මුත් එම ස්ථානයෙන් කිසිදු දෙයක් නිරීක්ෂණයට ලක් නොවීමත් මුල් කොට එම වෑයම”තේ කෝප්පයෙන් කිඹුලන් දැකීමේ “වෑයමක් සේ බොහෝ දෙනා දුටුවේ නැත.ඔවුන් කියා සිටියේ තමන්ට බිලි පූජා නොදී එම නිධානය ගැනීමට දැරූ උත්සාහය මත එයට අරක් ගත් බහිරවයා එය පොළොවේ වෙන කොහේ හෝ සඟවා තබන්නට ඇති බවකි.
නමුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය, රජයේ රස පරීක්ෂක කාර්යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිධාන් කැනීමක් සිදුවන බවටත් මෙය වත්මන් ජාත්‍යන්තර ගෙවුම් ශේෂ අර්බුදය පියවා ගැනීම පිණිස වන රජයේ උපාය මාර්ගයක් බවත් පසුගිය දා සමාජ මාධ්‍ය වල පැතිර යන ලද්දේ බොහෝ දෙනකුගේ උපහාසය රජය වෙත යොමු කරමිනි.මේ අතර මෙම කැනීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස පවසා සිටියේ එම කැණීම සිදු කරන ලද්දේ අධිකරණ නියෝගයක් මත මිස රජයේ තීන්දුවක් මත නොවන බවකි.එම ස්ථානයේ පුරා වස්තු නැති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ද අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණු බවත් පැවසු ඔහු එම ස්ථානයේ නිධන් ඇතැයි කණ්ඩායම් කිහිපයක් අනවසර කැණීම් කටයුතු කිරීම හේතුවෙන් අධිකරණය එම නියෝගය ලබා දෙන්නට ඇති බව ද කීය.මේ අතර වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ කිසිදු ආකාරයකින් නිධන් හෑරීමේ කටයුත්තක් සිදු නොකළ බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි ද තහවුරු කොට තිබිණ.
නමුදු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයක් පරිදි වේයන්ගොඩ පොලීසියේ මෙහෙයවීමෙන් භූ විද්‍යා හා පතල් කාර්යාංශය, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යනාදී රාජ්‍ය ආයතන කිහිපයක්ම මීට දායකත්වය දී තිබුණු බැවින් මෙරට රාජ්‍ය ආයතන දායකත්වයෙන් මෙවන් භූමිය කැනීමක් සිදුකෙරුණු පළමු අවස්ථාව මෙය බවත් පැවසේ. නමුත් වේයන්ගොඩ, වදුරව ප්‍රදේශයේ නිධන් හෑරීමට හෝ නිධන් හාරා පොළව අභ්‍යන්තරයේ ඇති පුරා වස්තු පිටතට ගැනීමට හෝ කිසිදු අධිකරණ නියෝගයක් නිකුත් කර නොමැති බව මංජුල කරුණාරත්න අත්තනගල්ල මහේස්ත්‍රාත් වරයා අවධාරණය කර තිබේ.එහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ ප්‍රකාශ කර ඇත්තේ මෙම කැණීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය අධිකරණය වෙත ලබා දුන් වාර්තාව මත පදනම් ව පොළව අභ්‍යන්තරයේ ඇති පුරාවස්තු නොවන ලෝහ ඛනිජ ද්‍රව්‍ය ගැන විමර්ශනයක් සිදුකරන ලෙස පමණක් භූ විද්‍යා හා පතල් කාර්යංශයට නියෝගයක් ලබාදුන් බවයි .පසුව කැණීම් කළ ස්ථානය එහිදී කැඩූ කළුගල් ද යොදා වසා දමන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව ලබන දෙසැම්බර් මස 03 වනදා යළි කැඳවීමටත් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත් කොට සිටින සැකකරුවන් 12 දෙනෙකු එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කොට තිබේ.එය ඉතා සාධනීය අධිකරණ නියෝගයක් බව අප ගේ ද වැටහීම ය.
ජාතික කෞතුකාගාර සහ කැලණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු අධ්යක්ෂ සේම ජාතික පුරා විද්‍යාඥයන් ගේ සංගමයේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ සූරීන් අදාල විෂය පථයන් සම්බන්ධයෙන් දැනට අප ජාතිය සතු ප්‍රාමාණික දැන් අවබෝධයන් සම්භාරයක් හිමි පඬි රුවනකි. කළුවර අඳුන, නිදන් වදුල ආදී විශ්වාස සම්බන්ධයෙන් ස්වාධීන අධ්‍යයනයන් හි යෙදුණු මා හට 1998 වසරේ එතුමා එවක අධ්යක්ෂ පදවිය හෙබවූ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ අභිලේඛන පරීක්ෂා කිරීමට දුන් කාරුණික අවසරය මට කිසි දිනෙක අමතක නොවේ. ඉහත සඳහන් නිදන් කතාව සහ ආචාර්ය ලක්දුසිංහ නාමය අතර ඉතා ප්‍රබල සබැඳියාවක් ගොඩනැඟිය හැක්කේ එය ඇතැයි පැවසුණු වේයන්ගොඩ වදුරව භූමිය සහ ආචාර්ය ලක්දුසිංහයන් ගේ වේයන්ගොඩ, බණ්ඩාරනායක මාවතේ පිහිටි නිවස අතර කිලෝ මීටරයකට හමාරකට වැඩි දුරක් නොමැති බැවිනි.
අතීතයේ අප රටේ රජ කම් කළ විවිධ නරපතීන් තම රාජ්‍යය හෝ රාජ්‍යයත්වය හමුවේ එළැඹෙන විවිධ අතුරු අන්තරාවන් හමුවේ මෙලෙස තම අති මහත් ධනස්කන්ධයන් මිහි තුළ ගල් පර්වත හෝ භූමියේ වෙනයම් ස්ථානවල සැඟවූ ප්‍රවෘත්තිය සත්‍යයක් නම් එය සමාන වනුයේ ‘බල්ලන් ගේ පාන් හැංගීම’ නම් වන ක්‍රියාවලියට ය.
“ලක්දුසිංහ මහත්තයා අර නිධානේ හාරනවා බලන්න ගියේ නැද්ද?” පසුගිය 21 වන දා පෙරවරුවේ ඔහුට දුරකථන ඇමතුමක් දුන් මම ඇසීමි.
“අනේ ඔය තරම් වස්තුවක් ගොඩගහගෙන මම මොනවා කරන්නද? ඒ හින්දා ගියේ නෑ ….. ඇයි ඔයා යන්නද?හදන්නේ” ඔහු කීයේ මා හට කරන සරදමක් ලෙසිනි.
“මම හිතන්නේ ඕවා ගැන අපි කතා නොකර ඉන්න තරමට හොඳයි, මොකද? අපි ඔහොම දේවල් නෑ කියන කොට සමහරු හිතන්නේ පුරා විද්‍යාවට සම්බන්ධ අය ඕවා තනියම භුක්ති විඳින්න බලාගෙන ඔය තොරතුරු හංගනවා කියලානේ කොහොමත් හෙට අනිද්දා ඕකේ ඇත්ත මොකක්ද කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැතැයි. ඒ හින්දා මම දැනට ඔය ගැන මුකුත්ම නොකියා ඉන්නම්” ඔහු එසේ කී බැවින් මම ඊට එකඟ වීමි.
අතීතයේ අප රටේ රජ කම් කළ විවිධ නරපතීන් තම රාජ්‍යය හෝ රාජ්‍යයත්වය හමුවේ එළැඹෙන විවිධ අතුරු අන්තරාවන් හමුවේ මෙලෙස තම අති මහත් ධනස්කන්ධයන් මිහි තුළ ගල් පර්වත හෝ භූමියේ වෙනයම් ස්ථානවල සැඟවූ ප්‍රවෘත්තිය සත්‍යයක් නම් එය සමාන වනුයේ ‘බල්ලන් ගේ පාන් හැංගීම’ නම් වන ක්‍රියාවලියට ය. මා එම උපමාව ගෙන හැර දක්වනුයේ මෙම බරපතල මිථ්‍යාවේ ඇති නිසරු බව හුවා දැක්වීමට මිස අතීත නරපතීනට අපහාසයක් නිගරුවක් කරනු පිණිස නොවේ.එය ද විශේෂයෙන් කිව යුතුම ය. සමහර සුනඛයන් පාන් සුවඳට ප්‍රිය කරන මුත් ඔව්හු පාන් ආහාරයට නොගනිති. එහෙත්, ඒ සුවඳ මුල් කොට තම වාසභූමි කලාපයට පැමිණෙන වෙනත් සුනඛයකු එය ආහාරයට ගනු ඇතැයි සිතන එම සුනඛයා කරනුයේ එය අන් සුනඛයකුට හසු නොවන තැනක සැඟවීම ය. ඒ අනුව තම රාජ්‍යය හෝ රාජ්‍යයත්වය හමුවේ එළැඹෙන කවර හෝ අතුරු අන්තරාවන් හමුවේ කෝටි ප්‍රකෝටි ගණන් මහා ධනස් කන්දයන් මිහි තුළ සඟවා තැබූ නරපතීන් අප රටේ කවර රාජධානී සමයක වුව සිටි බවක් මට නම් අඳහාගත නොහැක. එමෙන්ම මෙම සෑම නිධාන කතාවකම එදා මෙදා තුර එහි භාරකාරත්වය දරන බහිරවයකු පිළිබඳව සඳහන් වේ. අප සමාජයේ පවත්නා ජන විශ්වාසයට අනුව යම් නිධානයක් සම්බන්ධයෙන් හිමිකාරත්වය ලබා ගත හැක්කේ එම බහිරවයාට බිලි පූජා කිරීමෙන් පමණි. එම බිල්ල කුකුළු බිල්ලේ සිට තුන් කුළුදුල් කන්‍යා බිල්ල තෙක් විසල් පාරාසයක පැතිර පවතී.
මෙම නිදන් සම්බන්ධයෙන් පවත්නා එකම ලිඛිත මූලාශ්‍රය වනුයේ නිදන් වදුලු නම් පැරණි පුස්කොළ පොත් ය.මහනුවර යුගයේ අවියත් ලේඛන වශයෙන් නම් කළ හැකි ඒවා විවිධ අතීත නරපතීන් ගේ නම් සහ භූමිය පර්වත ආදියේ කොටා ඇති කඩඉම් ලකුණු ආදිය පදනම් කොට ලියූ පට්ටපල් කෙබර බව ඒවා සියුම් ලෙස පිරික්සීමෙන් මනාව පැහැදිලි කර ගත හැක. ඒ සම්බන්ධයෙන් අපට අනාවරණය කර ගත හැක්කේ ඒවා මහනුවර යුගයේ විසූ වංචනික පුද්ගලයන් විසින් එවක සමාජයේ රදළ ප්රභූන්ට අලෙවි කොට මුදල් ලබා ගැනීම සඳහා රචනා කරන ලද කූට සාවද්‍ය ලේඛන බව ය.
ශ්‍රී පාද හිමය ආශ්රිත සබරගමු කලාපයේ ද මෙම නිදන් පිළිබඳ ජන විශ්වාස පිරී පවතී. 1994, 1995 යන වසර වල සිරි පා සංස්කෘතිය සම්බන්ධ සබරගමු ජන විශ්වාස පිළිබඳ අධ්‍යයනයක් කළ මට එම නිදන් සම්බන්ධ විශ්වාස ගැන ද නොඅඩුවම අසන්නට ලැබිණ. එමෙන්ම එම නිධානයක් ගැනීමට ගොස් කිසියම් වැරදීමක් සිදු වුවහොත් ඒතැනැත්තා එම නිධානයට අරක් ගත් බහිරවයා විසින් විනාශ කර දමන බවක් හෝ නැතිනම් ජීවිතාන්තය තෙක් ඔහු ගේ සිහි විකල් කරවන බවක් ද මට දැන ගත හැකි විය. ඒ අනුව එම විමර්ශනයේ දී මා හට මාහැඟි මඟ පෙන්වීමක් කළ මේ වන විට ශ්‍රී පලාබද්දල චන්දිමාලෝක නමින් පැවිදි බිමට පත්ව හිඳින ශ්‍රී පලාබද්දල, මාපලානේ චන්දසෝම බී කලවාන (කලවානේ පොඩි අප්පෝ) ද සමඟ එසේ නිධානයක් ගැනීමට ගොස් වැඩේ වරද්දා ගත් බව පැවසෙන අයකු බැලීමට ගියෙමි.ඔහු ඒ ආසන්නයේ පිහිටි වෙනත් ගමක ජීවත් වූ වඩු කාර්මිකයෙකි. ඒ වන විට ඔහු කෙරෙන් තීව්ර භින්නෝන්මාද (Acute Schizophrenia ) ලක්ෂණ පහළව ඇති බව එම නිවසේ ගත කළ කෙටි වේලාව තුළ මනාව පසක් කර ගැනීමට මට හැකි විය.එහෙත්, භින්නෝන්මාදය යන මොළය අභ්‍යන්තරයේ පවත්නා ජෛව රසායනික සහ විද්‍යුත් ක්‍රියාවලියේ විෂමතා මත හට ගන්නා විද්‍යාතමකව තහවුරු වූ රෝගයක් මිස බහිරවයා හෝ වෙනයම් කිසිවකු විසින් යමකු පිට පැටවිය හැකි ගුප්ත ආපදාවක් නොවේ.ඒ අනුව එම සමාජමය අපවාදයෙන් අප ගේ මනඃකල්පිත බහිරව තෙමේ නිදොස් කොට නිදහස් කළ යුතුම ය.
“බහිරවයා ඔය නිධානේ අරගෙන ගිහින් වෙන කොහේ හරි හංගලා කියලත් මිනිස්සු කියනවලු නේද?” මෙම වේයන්ගොඩ නිදන් කතා පුවත අනාවරණය වීමෙන් පසු මම නැවත ආචාර්ය ලක්දුසිංහයන් හට දුරකථන ඇමතුමක් දෙමින් ඇසීමි. ’‘අනේ, අනේ ඒක අපේ මේ ඉඩමේ හංගලා කියලා නම් විහිළුවටවත් ලියන්න එපා එහෙම වුණොත් ඊට පහුවෙනිදා අපිවත් එක්කම මේ ගේ උගුල්ලලා දාලා මේ ඉඩමේ ඔය නිධානේ හොයන්න පටන් ගනී. ඔහු කීයේ මහ හඬින් සිනාසෙමිනි.
තිලක් සේනාසිංහ