දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවි අර්බුදයක්

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන මුත් එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බැවින් එළවළු මිලද ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසයි.ඉදිරි කාලය තුළ එළවළු ලැබීම මීටත් වඩා පහත මට්ටමක පැවතිය හැකි බව එම සංගමයේ ලේකම් අයි ,ජි .විජේනන්ද මහතා පවසයි. ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ, එලවලු කොටු වර්ෂාව සමඟ විනාශ වී යාම එළවළු අස්වනු නෙළීමේ අවස්ථා ද අහිමිවීම නිසා මේ තත්ත්වය උදා වී තිබෙන බවයි.නමුදු ඉදිරියේ දී එළවළු සඳහා ඉල්ලුම ඉහළ යාම මත ඒවායේ මිල ඉහළ යාමේ අවකාශයක් පවතින බව ද ඔහු කියයි.

කාලීන පුවත්