දිවයිනේ මේ වන විට පවතින අයහපත් කාලගුණයත් සමඟ ගොවිබිම් අක්කර තුන් ලක්ෂ හැත්තෑ පන් දහසක් පමණ ජලයෙන් යටවී ඇති බව කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති ප්‍රේමසිරි ජයසිංහආරච්චි සඳහන් කළේ ජලය බැස යාමෙන් පසු වගා හානිය තක්සේරු කරන බවයි.
ගංවතුර තත්ත්වය හේතුවෙන් පූර්ණ ලෙස හානි වූ බෝග වගාවන්ට අක්කරයකට රුපියල් 40,000කට යටත්ව වන්දි මුදලක් ලබාදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි.
ඒ අනුව වී, බඩ ඉරිඟු, අර්තාපල්, ලොකු ළුෑණූ, මිරිස් සහ සෝයා බෝංචි යන වගාවන් එයට ඇතුළත්.