පෙට්‍රල් මිල පහළට;ඩීසල් භූමිතෙල් මිල ඉහළට

ඊයේ (30) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල අඩු වන ලෙස හා ඩීසල් සහ භූමි තෙල් මිල ඉහළ යන පරිදි ඉන්ධන මිල සූත්‍රය අනුව මිල සංශෝධනය සිදු කර ඇත.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින් පහළ දමා ඇති අතර එහි නව මිල 309කි.ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් ඉහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 286කි.භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00කි.සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනසක් සිදු කොට නැත.

කාලීන පුවත්