එළඹෙන උත්සව සමයේදී විශේෂ වැටලීම් සිදු කිරීමට දිවයින පුරා නිලධාරීන් 2000ක් යොදවා තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ එම වැටලීම්වලදී ආපනශාලා සහ පිසූ ආහාර පරීක්ෂා කිරීම ප්‍රධාන වශයෙන් සිදු කරන බවයි.
දිවයින පුරා පැවති අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ ආහාර පාන ආශ්රිත පිරිසිදුභාවය පිළිබඳ ගැටලු රැසක් පැනනැඟී ඇති බවත් ඒ හේතුවෙන් බෝවන රෝග කිහිපයක්ද අනාවරණය වී ඇති බවත් ඔහු සඳහන් කරයි.