ජනපතිම සහල් මිල නියම කරයි

නිසි මිල පාලනයකින් යුතුව සහල් අලෙවි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සහල් අලෙවි කරන වෙළෙඳුන් වෙත ඊයේ(07)උපදෙස් දී ඇත.ඒ ඔවුන් සමග පැවැති සාකච්ඡාවකදීය.ඒ අනුව සහල් අලෙවි කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්ම මිල ගණන් ඉදිරිපත් කර තිබේ.ඒ නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225ක් සිල්ලර මිල රුපියල් 230ක් සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215ක් සිල්ලර මිල 220ක් ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220ක් සම්බා කිලෝවක තොග මිල රුපියල් 235ක් සිල්ලර මිල රුපියල් 240ක් කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255 ක් සහ සිල්ලර මිල රුපියල් 260 වශයෙනි මෙම මිල ගණන් යටතේ සහල් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි දින 10ක කාලය අවධානය යොමු කරන බවත් එසේ නොකරන සහල් මෝල් හිමියන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.නමුත් ජනාධිපතිවරයා සහ සහල් මෝල් හිමියන් අතර පැවති සාකච්ඡාවේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ පැවති මිලට වඩා සහල් රුපියල් දහයකින් මිල ඉහළ දමා අලෙවි කිරීමට ඉඩ ලබා දීම බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ. සේමසිංහ මහතා පවසයි.

කාලීන පුවත්