ඉන්ධන ගෙන්වන්න ඩොලර් නැහැ

වර්තමානයේ පවතින ඩොලර් අර්බුදය නිසා ඉදිරි මාස කිහිපයේ දී ඉන්ධන ආනයනය කිරීමේ දී ගැටලු රැසක් මතුවනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මණ්ඩලයේ දී පෙන්වා දී තිබේ.

ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්වූ කැබිනට් රැස්වීමේ දී ය.ඉන්ධන මිලට ගැනීම සඳහා මසකට ඩොලර් මිලියන 420ක් පමණ මුදලක් වැය වන බවත් දැනට භාණ්ඩාගාරයෙන් එවැනි මුදලක් ලබා ගත නොහැකි බවත් ඔහු දැනුම් දී තිබේ.

මෙම කැබිනට් මණ්ඩලය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගත වීම හේතුවෙනි.

නමුදු මෙහි දී සාකච්ඡා වූ කිසිවක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකයකු විසින් මාධ්‍යයට ඉදිරිපත් කොට නැත.

කාලීන පුවත්