රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය ගේන්න සමීපතමයෙක් ජපන් යයි

පසුගිය දා ඉල්ලා අස්වූ කථානායක අසෝක රන්වල මහතාට ඇතැයි කියන ආචාර්ය උපාධියට අදාළ සහතිකය ජපානයේ වසෝදා විශ්ව විද්‍යාලයෙන් රැගෙන ඒම සඳහා ඔහුගේ සමීපතමයකු එම විශ්ව විද්‍යාලය බලා යෑමට නියමිතව ඇතැයි වාර්තා වේ.රන්වල මහතාට ඇතැයි කියනු ලබන එම සහතිකය 2005 වසරට පෙර එකක් බවත්, ඒ නිසා එය ඔන්ලයින් මගින් නිකුත් නොකරන බවත් එබැවින් එම සරසවිය වෙත ගොස් එය ලබාගැනීමට සිදුව ඇති බවත් දැනට එම සරසවිය ඔන්ලයින් මගින් නිකුත් කරන්නේ වර්ෂ 2005 න් පසු සහතික පමණක් බවත් පැවසෙයි.නමුත් මෙම ක්‍රියාවේ විශ්වසනීයත්වය සහ පාරද්‍රශ්‍ය භාවය සම්බන්ධයෙන් බොහෝ දෙනකු ගේ අවධානය යොමු ව තිබේ.ඒ රන්වල මහතා පසුගිය දිනවල තම මූලික උපාධිය සහ පශ්චාත් උපාධිය සම්බන්ධයෙන් පැවසූ කරුණු වල අපැහැදිලි බව නිසා ය.

කාලීන පුවත්