නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්

සති අන්ත නිවාඩුවත් සමඟ නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බව නුවරඑළිය හෝටල් හිමියන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ එම ප්‍රදේශයට මේ දිනවල පවතින යහපත් කාලගුණයත් සමඟ දේශීය සංචාරකයන් විශාල ලෙස පැමිණෙන බවයි.

මේ අතර නත්තල් නිවාඩුවට නුවරඑළිය ප්‍රදේශයේ සියලුම සංචාරක හෝටල් කාමර මේ වන විටත් දෙස් විදෙස් සංචාරකයන් විසින් වෙන් කරවාගෙන ඇති බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්