බිත්තර මිලෙහි දැනෙන වෙනසක්

එළඹෙන උත්සව සමය වෙනුවෙන් බිත්තරයක් රුපියල් 30 – 35ත් අතර සිල්ලර මිලට අලෙවි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි සඳහන් කළේ ග්‍රෑම් 50ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30 – 32ත් අතර මිලකට මිලදී ගත හැකි බවයි.

එමෙන්ම ග්‍රෑම් 55ට වැඩි ලොකු බිත්තරයක් රුපියල් 33 – 35ත් අතර මිලකට මිලදී ගැනීමේ හැකියාව පවතින බවද ඔහු ප්‍රකාශ කරයි.

ඔහු පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මිල ගණන්වලට වෙළෙඳපොළේ බිත්තර සුලභව තිබෙන බවත් ඊට ඉහළින් ඇති කිසිදු බිත්තරයක් මිලදී නොගන්නා ලෙසයි.

කාලීන පුවත්