දුම්රිය වර්ජනයක්!

දුම්රිය නඟා සිටුවීම උදෙසා වන වෘත්තීය සමිති එකමුතුව අද (15) මධ්‍යාහ්න 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.මෙම වර්ජනයට දුම්රිය රියදුරන් සහ නියාමකයන් ඇතුළු සම්බන්ධව සිටින බව ද වාර්තා වේ.

මෙම වර්ජනය අරඹා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තු ව්‍යපෘති නමින් සිදුවන අක්‍රමිකතා වලට එරෙහිව නිසි පියවර නොගැනීමට විරෝධය දක්වමිනි.

මෙම කරුණ සම්බන්ධයෙන් මින් පෙර ජනාධිපති වරයා පවා දැනුවත් කොට තිබුණ ද ප්‍රතිඵලයක් නොලද බව දුම්රිය නඟා සිටුවීම උදෙසා වන වෘත්තීය සමිති එකමුතුව කියයි.

කාලීන පුවත්