ශ්‍රී ලාංකිකයන් ද විශාල පිරිසක් ජීවත් වන දකුණු කොරියාව මේ වනවිට ලොකු දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටියි. එරට ජනාධිපතිවරයා වන යූන් සුක් යෝල් ගෙදර යැවීම සඳහා එරට ජනතාව ද, විරුද්ධ පක්ෂ ද දැන් ටික දිනෙක සිට විශාල අරගලයක් දියත් කර තිබේ. මෙයට දින කිහිපයකට පෙර ඔහුට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුව තුළ සම්මත වූ අතර දැන් මෙම අරගලයේ ඊළඟ පියවර ආරම්භ වී ඇත. එනම් දෝෂාභියෝගයට අදාළව එරට ව්‍යවස්ථාදායක අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකි. මෙම නඩු විභාගයෙන් පසු දෝෂාභියෝගයට පක්ෂ තීන්දුවක් ලැබුණහොත් ජනාධිපතිවරයාට ධුරය අත්හැර යාමට සිදු වනු ඇත.
දකුණු කොරියානු ජනාධිපතිවරයා වෙත මේ ආකාරයෙන් විරෝධයක් එල්ල වන්නට ගත්තේ ඔහු හදිසියේම රට තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමග ය. රටක යුද නීතිය පැන වූ විට කි‍්‍රයාත්මක වන්නේ හමුදා පාලනයකට සමාන තත්වයකි. ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ඇහිරෙන අතර මාධ්‍ය නිදහස ආදියට ද දැඩි බාධා එල්ල වෙයි. පාර්ලිමේන්තුවේ කි‍්‍රයාකාරිත්වයට ද එයින් බලපෑම් ඇති වේ.
පසුගිය 3 වැනි දින රාති‍්‍ර කාලයේ රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් යුන් සුක් යෝල් මේ ආකාරයෙන් යුද නීතිය ප්‍රකාශයට පත් කළේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. එ් සමගම ඊට එරෙහිව රට තුළින් මහා විරෝධයක් මතු විය. ජනතාව දහස් ගණනින් වීදි බසිමින් විරෝධතා දැක්වීමට පටන් ගත් අතර විරුද්ධ පක්ෂ එම රාති‍්‍රයේම පාර්ලිමේන්තුවට රැස්ව යුද නීතිය පැනවීමට එරෙහිව යෝජනාවක් සම්මත කර ගත්තේය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අවට දැඩි හමුදා රැකවල් යෙදීමට පියවර ගත්තත් විරුද්ධ පක්ෂ මන්තී‍්‍රවරුන් වැලැක්වීමට ඊට හැකි වූයේ නැත.
මේ ආකාරයෙන් රට තුළ උණුසුම් තත්වයක් නැග එද්දී පැය කිහිපයක් තුළ යුද නීතිය නැවත හකුලා ගන්නට ජනාධිපතිවරයාට සිදු විය. නමුත් ජනතාවගේ කෝපය සහ විරෝධය සමනය කිරීමට ඊට හැකි වූයේ නැත. ජනාධිපති යූන් සුක් යෝල් පසුගිය කාලයේ කොහොමටත් ජනතාවගේ අප්‍රසාදයට ලක්ව සිටි කෙනෙකි. ජනමත සමීක්ෂණවලින් හෙලි වී තිබූ ආකාරයට ඔහුගේ වැඩපිලිවෙල අනුමත කළේ රටේ ජනතාවගෙන් සියයට 17 ක් වැනි සුළු පිරිසක් පමණි.
මෙම අරගලයේ ඊළඟ පියවර ආරම්භ වී තිබේ. එනම් කලින් ද සඳහන් කළ ව්‍යවස්ථා අධිකරණ නඩු විභාගය යි. ජනාධිපතිවරයා යුද නීතිය පැනවීම තුළින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්ද යන්න මෙම අධිකරණය සොයා බලනු ඇත. එයින් පසු දෝෂාභියෝගයට පක්ෂව හෝ විපක්ෂව හෝ එම අධිකරණය තීන්දුවක් ලබා දෙයි.
මෙම තත්වය තුළ ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් ආරම්භ විය. එහි ප්‍රධාන පියවරක් වූයේ විරුද්ධ පක්ෂ ඔහුට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීම යි. පසුගිය 14 වැනි දින මෙම දෝෂාභියෝගය සම්මත කර ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පක්ෂයේම මන්තී‍්‍රවරුන් පිරිසක් පවා ඡුන්දය දීම විශේෂත්වයක් විය.
දැන් මෙම අරගලයේ ඊළඟ පියවර ආරම්භ වී තිබේ. එනම් කලින් ද සඳහන් කළ ව්‍යවස්ථා අධිකරණ නඩු විභාගය යි. ජනාධිපතිවරයා යුද නීතිය පැනවීම තුළින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත්ද යන්න මෙම අධිකරණය සොයා බලනු ඇත. එයින් පසු දෝෂාභියෝගයට පක්ෂව හෝ විපක්ෂව හෝ එම අධිකරණය තීන්දුවක් ලබා දෙයි.
තීන්දුවක් ලබා දීම සඳහා මෙම අධිකරණයට දින 180 ක එනම් මාස 6 ක කාලයක් තිබේ. නමුත් රට තුළ තිබෙන දැඩි දේශපාලන ආතතිය නිසා ඔවුන් එතරම් කාලයක් නොගනු ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස යි.
මෙම අධිකරණය දෝෂාභියෝගයට පක්ෂව තීන්දුවක් ලබා දුනහොත් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබේ. එසේ වුවහොත් එම තීන්දුව ලබා දී දින 60 ක් ඇතුළත නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වේ.
යම් හෙයකින් ව්‍යවස්ථාදායක අධිකරණය දෝෂාභියෝගයට එරෙහි තීන්දුවක් ලබා දුනහොත් ජනාධිපති යූන් සුක් යෝල්ට නැවත ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව උදා වේ. මේ වනවිට ඔහු ධුරයේ කටයුතු කිරීම අත්හිටුවා තිබේ. එම පියවර ගැනුණේ දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුව තුළ සම්මත වීමෙන් පසුව යි. මේ වෙද්දී ජනාධිපති ධුරයේ වැඩ බලන්නේ අගමැතිවරයා වන හැන් දුක්-සූ ය.
අධිකරණයේ නඩු විභාගය පැවැත්වෙන කාලය තුළ ද දිගටම විරෝධතා දැක්වීමට ජනතාව ද, විරුද්ධ පක්ෂ ද තීරණය කර තිබේ. මෙය අධිකරණයේ විනිසුරුවරුන් මත විශාල පීඩනයක් ඇති කරන්නක් වනු ඇත. ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බොහෝ ඉල්ලීම් ඉදිරිපත් වුව ද ඔහු එවැන්නක් කරන පාටක් පෙනෙන්නට නැත.
යූන් සුක් යෝල් ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබෙන්නේ 2027 වසරේ යි.
අධිකරණයේ නඩු විභාගය පැවැත්වෙන කාලය තුළ ද දිගටම විරෝධතා දැක්වීමට ජනතාව ද, විරුද්ධ පක්ෂ ද තීරණය කර තිබේ. මෙය අධිකරණයේ විනිසුරුවරුන් මත විශාල පීඩනයක් ඇති කරන්නක් වනු ඇත. ජනාධිපතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බොහෝ ඉල්ලීම් ඉදිරිපත් වුව ද ඔහු එවැන්නක් කරන පාටක් පෙනෙන්නට නැත.
යූන් සුක් යෝල් රට තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කළේ උතුරු කොරියාවෙන් සහ උතුරු කොරියානු හිතවාදී ඇතැම් රාජ්‍ය විරෝධී බලවේගවලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවක් පවසමිනි. නමුත් සත්‍ය හේතුව එය නොවන බව බොහෝ දෙනාගේ විශ්වාසය යි. ජනාධිපතිවරයා යුද නීතිය පැනවූයේ රටේ විරුද්ධ පක්ෂ මේ වනවිට බෙහෙවින් බලවත් වීම නිසා මතුව ඇති තත්වය පාලනය කිරීමට බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති. මෙයට මාස කිහිපයකට පෙර පවත්වන ලද පාර්ලිමේන්තු මැතිවරණයෙන් ද වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගත්තේ විරුද්ධ පක්ෂ සන්ධානයකි. යූන් සුක් යෝල් ගේ බිරිඳ කිම් කියොන්-හීට එරෙහිවද දූෂණ චෝදනා එල්ල වී ඇති අතර විරුද්ධ පක්ෂ ඒ පසුපස ද පන්නමින් සිටියි.
මේ වනවිට 64 වැනි වියෙහි පසුවන යූන් සුක් යෝල් ජනාධිපති ධුරයට පත් වූයේ 2022 වසරේ යි.
නිහාල් පීරිස්