ආසියානු සංවර්ධන බැංකුවෙන් විදුලි බල මණ්ඩලයට ඩොලර් මිලියන150ක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ව්‍යාපෘතිවලට ඇමෙරිකා ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලබා ගැනීම සඳහා ගිවිසුම්වලට අත්සන් කර තිබේ.

ණය මුදල ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වුණේ පසුගිය ඔක්තෝබර් මාසයේදීයි.මෙම ණය ව්‍යාපෘති හරහා රටේ විදුලි පද්ධතියේ ස්ථායිතාව වැඩිදියුණු කිරීමට සහ අත්‍යවශය ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ඉදිරියේ දී ව්‍යාප්ත වන පුනර්ජනනීය ව්‍යාපෘති පද්ධති එක්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ව්‍යාපෘති ගණනාවක් මෙම ණය මුදල හරහා ඉදි කිරීමට නියමිත බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.නව ග්‍රිඩ් උපපොළ 6ක් ඉදිකිරීමට නියමිතයි.දැනට පවතින ග්‍රිඩ් උපපොළ දෙකක ධාරිතාව වැඩිදියුණු කිරීමට ද සැලසුම් කර තිබේ.

කාලීන පුවත්