රට තුළ පවත්නා සහල් මිල අර්බුදය විසඳීම පිණිස රජය මගින් ද සහල් ආනයනය කරන බව ප්‍රකාශ වී තිබුණ ද ඊයේ (19) වන විටත් රජය සහල් මෙරටට ආනයනය කර නොතිබූ බව වාර්තාවේ.නමුත් මේ වනවිට පෞද්ගලික ආනයන කරුවන් විසින් සහල් මෙට්‍රික් ටොන් 35600 ක් පමණ ආනයනය කර තිබූ බව රේගුව පවසයි.ඒ අනුව පසුගිය 04 වනදා සිට සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දුන් අතර එම කාලය අදින් (20) අවසන්වීමට නියමිතව තිබූ මුත් එම කාලය 2025 වසරේ ජනවාරි 10 දා දක්වා දීර්ඝ කළ බව වෙළඳ අමාත්‍යාංශය පවසයි.